Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

කල් ඉකුත් වූ බීම අලෙවියට කොට්ටාව සහ හෝමාගම Arpico Super ශාඛා දෙකට රුපියල් 125,000ක දඩ

කල් ඉකුත් වූ බීම අලෙවියට කොට්ටාව සහ හෝමාගම Arpico Super ශාඛා දෙකට රුපියල් 125,000ක දඩ

කල් ඉකුත් වූ බීම වර්ග අලෙවිය සඳහා ප්‍රදර්ශනය කර තිබීම සම්බන්ධයෙන් කොට්ටාව සහ හෝමාගම Arpico Super වෙළෙඳසැල් දෙකට රුපියල් 125,000ක දඩයක් පනවා ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

පාරිභෝගික කටයුතු අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් වෙන වෙනම සිදු කළ පරීක්ෂණවලින් අනතුරුව Richard Pieris Distributors සමාගමට එරෙහිව මෙම නඩු පවරා තිබේ.

කොට්ටාව Arpico Super වෙළෙඳසැලේ අලෙවිය සඳහා ප්‍රදර්ශනය කර තිබූ මිලිලීටර් 200 නිල් කටරොළු බීම බෝතල්වල කල් ඉකුත් වීමේ දිනය 2026 මැයි 9 වැනිදා ලෙස සටහන්ව තිබියදීත් ඒවා අලෙවිය සඳහා තබා තිබීම හේතුවෙන් රුපියල් 75,000ක දඩයක් නියම කර ඇත.

එමෙන්ම, හෝමාගම ඇවිස්සාවේල්ල මාර්ගයේ පිහිටි Arpico Super Center වෙළෙඳසැලේ කල් ඉකුත් වූ ලීටර් එකක සිසිල් බීම පැකට් අලෙවිය සඳහා ප්‍රදර්ශනය කර තිබීම සම්බන්ධයෙන් රුපියල් 50,000ක දඩයක් නියම කර තිබේ. එම නිෂ්පාදනවල කල් ඉකුත් වීමේ දිනය 2026 අප්‍රේල් 12 වැනිදා ලෙස සටහන්ව තිබූ බවද අධිකාරිය සඳහන් කරයි.

මෙම නිෂ්පාදන පාරිභෝගිකයන් නොමඟ යවන ආකාරයෙන් අලෙවිය සඳහා ප්‍රදර්ශනය කර තිබූ බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

මෙම නඩු සැප්තැම්බර් 10 වැනිදා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී විත්තිකාර සමාගම චෝදනාවලට වරද පිළිගෙන තිබේ.

සුපිරි වෙළෙඳසැල් ඇතුළු ඕනෑම ස්ථානයකින් භාණ්ඩ මිලදී ගැනීමේදී ඒවායේ කල් ඉකුත් වීමේ දිනය සහ නිෂ්පාදන දිනය පරීක්ෂා කරන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරිය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටී.

මෙවැනි නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් කාර්යාල වේලාවන් තුළ පාරිභෝගික කටයුතු අධිකාරියේ 1977 දුරකථන අංකය ඔස්සේ පැමිණිලි කරන ලෙසද පාරිභෝගිකයන්ට දැනුම් දී තිබේ.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *