Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

ඉදිරි සති දෙක සහ තුනක කාලය ඉතා අවදානම්

ඉදිරි සති දෙක සහ තුනක කාලය ඉතා අවදානම්

ඉදිරි සති දෙක සහ තුනක කාලය ඉතා තීරණාත්මක හා අවදානම් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඒ හේතුවෙන් ඉදිරියේදී කිසිදු උත්සව අවස්ථාවක ඒකරාශීවීමක් සිදු නොකර කටයුතු කරන ලෙස ඒ මහතා පැවසීය.

“ඉදිරි සති දෙක තුන කාලය ඉතා තීරණාත්මක හා අවදානම් එබැවින් කිසිදු උත්සව අවස්ථාවක්, ඒකරාශීවීමක් සිදු නොකර කටයුතු කරන්න. අලුත් අවුරුදු සමයට පෙර දිනවල කොවිඩ් රෝගීන් වාර්තාවීම අඩු වුණත් අවුරුද්දෙන් පසු ක්‍රමක්‍රමයෙන් වැඩි වෙලා. අලුත් අවුරුද්දට ප්‍රථම කර්මාන්තශාලාවකින් පොකුරක් වාර්තා වුණා. ඒ කුරුණෑගල ප්‍රදේශයේ. මේ වනවිට ඔවුන්ගේ ආශ්‍රිතයින් සොයා PCR පරීක්ෂණ සිදුකරමින් පවතිනවා. කොළඹ වාණිජ බැංකුවක පැවති උත්සවයක සිටි පිරිස අතර හා එමෙන්ම පිළියන්දල ප්‍රදේශයන් සහ රත්ගම ප්‍රදේශයෙන් ද රෝගීන් වාර්තාවීමක් සිදු වුණා. ඒ අනුව ඊයේ දිනයේ වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 367 ක්.”

“අවුරුදු දිනවල ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ නීතිරීති උපදෙස් පිළිනොපැඳීම හේතුවෙන් මේ වනවිට අවදානම් තත්ත්වයක් හට ගෙන තිබෙනවා.” යනුවෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

මේ අතර ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ, “විශ්වවිද්‍යාලවල අවසන් වසර සහ තුන්වන වසර ආරම්භ කිරීමට මේ වනවිට නිර්දේශ නිකුත් කරලා තිබෙන්නේ. මේ වනවිට අසල්වැසි ඉන්දියාව පත්වී ඇති අවදානම් තත්ත්වය හැම කෙනෙක්ම දන්නවා. එම අවදානම් තත්ත්වයට අපි පත්වීමෙන් වළක්වා ගැනීමට නම් ජනතාව සෞඛ්‍ය නිර්දේශවලට අනුව කටයුතු කිරීම සහ ඔවුන්ගේ වගකීම ඉටු කිරීම ඉතා වැදගත්. නව වෛරස් ප්‍රභේදයන් ගැන මේ වනවිට ජයවර්ධන පුර සරසවියේ පරීක්ෂණ සිදුකරමින් පවතිනවා. ලෝකය පුරා තුන්වෙනි කොවිඩ් රැල්ල පැතිරී යාමට ප්‍රථම අපි එන්නත් ඇණවුම් කළේ. තුන්වන රැල්ලේ බලපෑමක් ඊට ඇතිවේ යැයි විශ්වාස කළ නොහැකියි. මෙය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සිදුකරන ගණුදෙනුවක් නිසා එන්නත් ලැබීමේ යම් ප්‍රමාදයක් සිදුවුවත් එන්නත් අප ඇණවුම් කළ ප්‍රමාණය ලැබෙන බව විශ්වාසයි.  

මේ අතර PCR හා ඇන්ටිජන් කට්ටල අවශ්‍ය තරමට තිබෙන බවත් අලුතින් ලබාගැනීම සඳහා මේ වනවිට කටයුතු කරමින් සිටින බවත් ඔහු පැවසීය.

එන්නත් ලක්ෂ තුනක් පමණ මේ වනවිට සෞඛ්‍ය අංශ සතුව පවතින අතර දෙවන මාත්‍රාව ලබාදීම සඳහා එය ප්‍රමාණවත් බවද සඳහන් කළේය.

“චීන එන්නත් මෙරට ජනතාවට ලබාදීමට තවම ඖෂධ නියාමන අධිකාරිය අවසර ලබාදී නෑ. ස්පුට්නික් එන්නත ලබාදීමට මේ දිනවල සාකච්ඡා කරමින් පවතිනවා. අප්‍රේල් මස අන්තිම මෙම එන්නත් තොග ලැබේ යැයි බලාපොරොත්තු වෙනවා.”

මීට පෙර කොවිඩ් රෝගය වාර්තා වුණේ වැඩි වශයෙන් අවුරුදු 60ට වැඩි නිදන්ගත රෝග තිබෙන පිරිස අතරයි. මේ වනවිට වාර්තා වන්නේ අවුරුදු 30, 40 ,50 අතර අඩු වයස් කාණ්ඩවල පිරිස අතර.” යනුවෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *