අමෙරිකාව විසින් ශ්රී ලංකාවට සිව්වන මට්ටමේ සංචාරක තහනමක් පැනවීම පිළිබඳව

අමෙරිකාව විසින් ශ්රී ලංකාවට සිව්වන මට්ටමේ සංචාරක තහනමක් පැනවීම දීර්ඝ කාලීනව සිදුවන ක්රියාවලියක් නොවන බව සම කැබිනට් ප්රකාශක අමාත්ය වෛද්ය රමේෂ් පතිරණ මහතා පැවසීය.
කොවිඩ් -19 ව්යාප්තිය සැලකිල්ලට ගනිමින් අමෙරිකාව විසින් ශ්රී ලංකාවට මෙන්ම ජපානයට ද අද සිව්වන මට්ටමේ සංචාරක තහනමක් පනවනු ලැබීය.
ඒ අනුව ජපානයේ සහ ශ්රී ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින ලෙස අමෙරිකානු රාජ්ය දෙපාර්තමේන්තුව එරට පුරවැසියන්ට දැනුම් දී ඇත.
සිව්වන මට්ටමේ සංචාරක තහනමක් යනු ඉහළම කොවිඩ් ව්යාප්තියක් පවතින බවට අඟවන නිර්ණායකයක් වේ.
