Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ
ප්‍රවෘත්ති

වන ඝනත්වය වැඩිකිරීම සහ වන රක්ෂිත තුළ වන ආවරණය ඉහළ නැංවිම සඳහා හඳුනාගත් භූමිවල වන වගාවන් කඩිනම් කිරීම පිළිබඳව සාකච්ඡා කෙරේ

වන ඝනත්වය වැඩිකිරීම සහ වන රක්ෂිත තුළ වන ආවරණය ඉහළ නැංවිම සඳහා හඳුනාගත් භූමිවල වන වගාවන් කඩිනම් කිරීම පිළිබඳව සාකච්ඡා කෙරේ

දේශගුණික විපර්යාසයන්ට තිරසර විසදුම් සහිත හරිත සමාජ ආර්ථිකයක් වෙනුවෙන් සැලසුම් කළ මාර්ගගත සැලැස්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරිපත්කර තිබේ.

ජනාධිපති කාර්ය සාධක බලකායේ නියෝජිතයින් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී අදාල සැලසුම් ඉදිරිපත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

පොහොර භාවිතය, භූමිය, ජෛව විවිධත්වය, අපද්‍රව්‍ය කළමනාකරණය, වායු ගෝලය, කර්මාන්ත, පුනර්ජනනීය බලශක්තිය, නගර සහ පාරිසරික අධ්‍යාපනය ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳ ඇතිකර ගතයුතු ඉලක්ක සහිත සැලසුම් සකස් කිරීම ජනාධිපතිවරයා විසින් අදාල අමාත්‍යවරුන්ට පවරා තිබුණි.

ඒ අනුව එම අමාත්‍යංශ විසින් සිදුකළ පුළුල් අධ්‍යනයකින් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග සැලසුම් කර තිබේ.

සංවේදී පරිසර කලාප හඳුනාගනිමින් වන ඝනත්වය වැඩිකිරීම සහ වන රක්ෂිත තුළ වන ආවරණය ඉහළ නැංවිම සඳහා හඳුනාගත් භූමිවල වන වගාවන් කඩිනම් කිරීම පිළිබඳ මෙහිදී විශේෂ අවධානය යොමුව ඇති බව සඳහන් විය.

මෙරට වන ආවරණය 2025 වසර වන විට සියයට 30 ක් දක්වා ඉහළ නැංවීම රජයේ ඉලක්කය වන අතර එය “සෞභාග්‍යයේ දැක්ම“ ප්‍රතිපත්ති ප්‍රකාශයේද එය සඳහන් කර තිබේ.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *