Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

අන්තවාදී අසාද් සාලි අත්අඩංගුවට ගන්නැයි මන්ත්‍රී ජයන්ත සමරවීර ඉල්ලයි

අන්තවාදී අසාද් සාලි අත්අඩංගුවට ගන්නැයි මන්ත්‍රී ජයන්ත සමරවීර ඉල්ලයි

මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිද්ධිය පිළිබඳ තොරතුරු හෙළිදරව් කළ සහකාර පොලිස් අධිකාරී ගාමිණී තෙන්නකෝන් මහතාට බස්නාහිර  පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි තර්ජනය කර ඇතැයි එක්සත්  ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

බුදු පිළිම කඩාදැමීමේ සිද්ධිය විමර්ශනය කිරීම් කණ්ඩායම් ප්‍රධානියා වූ මෙම සහකාර පොලිස් අධිකාරීවරයාට තර්ජනය කිරීම සම්බන්ධයෙන් අසාද් සාලි අත්අඩංගුවට ගත යුතු බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

“මාවනැල්ලේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් අත්අඩංගුවට ගත්තා නම් පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වාගත හැකිව තිබූ බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට ඉඩ නොදුන්නේ අසාද් සාලි බවත් ඔහු කියා සිටියේය. නමුත් මේ වනතුරු සාලිගෙන් කටඋත්තරයක් හෝ ගෙන නොමැති බවත් පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන විමර්ශනය කරන තේරීම් කාරක සභාවට ගාමිණී තෙන්නකෝන් මහතා කැඳවන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලා සිටියද එයද ඉටු නොවුණු බවත් සමරවීර මහතා කීය.

වහාම අසාද් සාලි අත්අඩංගුවට ගත යුතු බවත් එවිට වහාබ්වාදී අන්තවාදී සියලු දෙනා ගැන හෙළිදරව් කරගත හැකි බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

(Image – Daily News)

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *