LK reports news sinhala

මුලින් හොඳ නැතිවූ ගෝඨා දැන් හොඳයිලු

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂකත්වය සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා නුසුදුසු බවට තමන් පෙර චෝදනා කිරිම සම්බන්ධව වරද පිළිගන්නා බවත් ගෝඨාභය මහතා ජනපති අපේක්ෂකත්වයට සුදුසු බව තමා තේරුම්ගත් බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

අද(4) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කීවේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව තමන් ඒ මහතා පිළිබඳ සත්‍ය තේරුම් ගත් බවත් ඒ අනුව කරුණු නිසි ලෙස නොදැන ඒ මහතා සම්බන්ධයෙන් එලෙස ප්‍රකාශ කිරීම වරදක් බව තේරුම් ගත් බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

(Image – lanka business online)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *