Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

ක්‍රිකට් ඒඩ් මෙහෙයුම් අත්හිටුවයි

ක්‍රිකට් ඒඩ් මෙහෙයුම් අත්හිටුවයි

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් සමාගමක් වශයෙන් ලියාපදිංචි කර පිහිටුවා ඇති ක‍්‍රිකට් ඒඩ් හි ගිණුම් පරීක්‍ෂා කර බලා විගණනයක් සිදුකරන තුරු එහි මෙහෙයුම් අත්හිටුවන ලෙස පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුව ක‍්‍රිකට් ආයතන නිලධාරීන්ට නියෝග කළේය.

ක‍්‍රිකට් ඒඩ්හි 2016 වසරේ සිට මේ දක්වා සියලු ගිණුම් විගණනය කිරීමට විගණකාධිපතිවරයාට බලය පැවරීමට ද කෝප් කමිටුව තීරණය කළේය.

එම ආයතනයේ විගණනයක් සිදු කර මාස දෙකක් ඇතුළත එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවට ද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා විගණකාධිපතිවරයාට  දැනුම් දුන්නේය.

සුනිල් හදුන්නෙත්ති මහතා මේ බව දැනුම් දුන්නේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ විධායක කමිටු නිලධාරීන් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවේ පෙනී සිටී අවස්ථාවේදීය.

එමෙන්ම ක‍්‍රිකට් ඒඩ් ආයතනයට 2016 වසරේ සිට මේ දක්වා ලැබුණු ආදායම් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයෙන්, ක‍්‍රිකට් ඒඩ් සංවිධානය වෙත ලබාදී ඇති මුදල් ප‍්‍රමාණයන්, ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය වෙත අනුග‍්‍රහක භවතුන් විසින් ලබාදී ඇති මුදල් මෙම ආයතනට ලබාදී තිබේද?, ක‍්‍රිකට් ඒඩ් සංවිධානයේ අපේක්ෂිත අරමුණ වෙනුවෙන්  කෙතරම් මුදල් ප‍්‍රමාණයක්  වියදම් කර තිබේද? ආදිය ඇතුළත්ව සවිස්තර වාර්තාවක් කෝප් කමිටුව වෙත ලබාදෙන ලෙසද කෝප් සභාපති ක‍්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දුන්නේය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *