මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිද්ධිය පිළිබඳ තොරතුරු හෙළිදරව් කළ සහකාර පොලිස් අධිකාරී ගාමිණී තෙන්නකෝන් මහතාට බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි තර්ජනය කර ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්රී ජයන්ත සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
බුදු පිළිම කඩාදැමීමේ සිද්ධිය විමර්ශනය කිරීම් කණ්ඩායම් ප්රධානියා වූ මෙම සහකාර පොලිස් අධිකාරීවරයාට තර්ජනය කිරීම සම්බන්ධයෙන් අසාද් සාලි අත්අඩංගුවට ගත යුතු බවද මන්ත්රීවරයා සඳහන් කළේය.
“මාවනැල්ලේ සිද්ධියේ ප්රධාන සැකකරුවන් අත්අඩංගුවට ගත්තා නම් පාස්කු ඉරිදා ප්රහාරය වළක්වාගත හැකිව තිබූ බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට ඉඩ නොදුන්නේ අසාද් සාලි බවත් ඔහු කියා සිටියේය. නමුත් මේ වනතුරු සාලිගෙන් කටඋත්තරයක් හෝ ගෙන නොමැති බවත් පාස්කු ඉරිදා ප්රහාරය ගැන විමර්ශනය කරන තේරීම් කාරක සභාවට ගාමිණී තෙන්නකෝන් මහතා කැඳවන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලා සිටියද එයද ඉටු නොවුණු බවත් සමරවීර මහතා කීය.
වහාම අසාද් සාලි අත්අඩංගුවට ගත යුතු බවත් එවිට වහාබ්වාදී අන්තවාදී සියලු දෙනා ගැන හෙළිදරව් කරගත හැකි බවත් මන්ත්රීවරයා පෙන්වා දුන්නේය.
(Image – Daily News)