X-Press පර්ල් වන්දි ලබාගැනීම සම්බන්ධව සමගි ජන බලවේගය අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී සිදුවූ X-Press Pearl නැව් අනතුරේ වන්දි ගෙවීමට අදාළ අල්ලස් චෝදනා සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස සමගි ජන බලවේගය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් ඉල්ලා තිබේ.

අල්ලස් කොමිසමේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් SJB පක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මෙම ඉල්ලීම කළේය.

එම ලිපියෙන් රාජකරුණා මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ නැව් අනතුරට අදාළව ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්දි ගෙවීම වැළැක්වීම සඳහා ඇතැම් පුද්ගලයින් හෝ කණ්ඩායමක් ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක මුදලක් ලබාගෙන ඇති බවට චෝදනා එල්ල වන බවයි.

වන්දි ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව නීතිමය ක්‍රියාමාර්ග මධ්‍යයේ පවතින අවස්ථාවක මෙම අල්ලස ලබාගෙන ඇති බව පැවසූ SJB මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර වැරදිකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස අල්ලස් කොමිසමෙන් ඉල්ලා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *