WhatsApp, Twitter, Facebook භාවිතය සම්බන්ධව ආරක්ෂක අමාත්‍යාංශය පැහැදිලි කිරීමක් නිකුත් කරයි

විවිධ සමාජ මාධ්‍ය වේදිකා සහ දුරකථන සංවාද හරහා හුවමාරු වන තොරතුරු නිරීක්ෂණය කරන බවට පළ වන වාර්තා ආරක්ෂක අමාත්‍යාංශය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

වට්ස්ඇප්, ෆේස් බුක්, ට්විටර් වැනි සමාජ මාධ්‍ය වේදිකා හරහා දුරකථන සංවාද පටිගත කරන බවත් පණිවිඩ ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිරීක්ෂණය කරන බවත් පවසමින් වාර්තා සංසරණය වී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පැතිර යන පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *