NPP විරෝධතාවයට සම්බන්ධ වූ පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම්.

ජල හා විදුලි ගාස්තු ඉහළ දැමීමට එරෙහිව ජාතික ජන බලවේගය විසින් අම්පාර, ගෝනාගොල්ල හන්දියේ පැවැත්වූ විරෝධතාවයකට සහභාගී වූ පොලිස් කොස්තාපල්වරයෙකුගේ සේවය අත්හිටුවා තිබේ.

ලංකාදීපයට අනුව වැඩ තහනමට ලක්වූ පොලිස් කොස්තාපල්වරයා අම්පාර වෙල්ලාවේලි පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ අයෙකු බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.

පොලිසිය ප්‍රකාශ කළේ කොස්තාපල්වරයා 2023 මාර්තු 26 වැනි දින රජයට එරෙහි විරෝධතාවයට සිවිල් ඇඳුමෙන් සැරසී රාජකාරියට නොගොස් නිවාඩු ලබාදී ඇති බවයි.

බදාදා (05) සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ පොලිස් නිලධාරියාගේ සේවය අත්හිටුවීමෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *