Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

රසායනාගාර වාර්තා ප්‍රමාදයි, දින තුනක රෝගීන් එකවර වාර්තා වීමෙන් මැවෙන්නේ වෙනස් චිත්‍රයක් – උපුල් රෝහණ

රසායනාගාර වාර්තා ප්‍රමාදයි, දින තුනක රෝගීන් එකවර වාර්තා වීමෙන් මැවෙන්නේ වෙනස් චිත්‍රයක් – උපුල් රෝහණ

මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ රසායනාගාර වාර්තා ලැබීම ප්‍රමාද බවය.

රසායනාගාර වාර්තා කඩිනමින් ලබාගැනීම සඳහා ක්‍රමවේදයක් මේ වන විට ස්ථාපිත කිරීමට බලධාරීන් පියවර ගත යුතු බව ද ඔහු අවධාරණය කරයි.

රටේ දැනට පවතින තත්ත්වය රසායනාගාර වාර්තා හරහා සහ රෝගීන්ගේ දත්ත හරහා වාර්තා වන තත්ත්වයට වඩා භායනක සහ බැරෑරුම් බව ද උපුල් රෝහණ මහතා පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා කළ ප්‍රකාශය මෙසේ ය,

“කොවිඩ්-19 පළමු සහ දෙවන රැල්ලේ වගේම කණගාටුදායක විදිහට රසායනාගාර වාර්තා ලැබීම් මේ රැල්ලේදීත් ප්‍රමාද වෙමින් තිබෙනවා. ඇත්තටම මේ මොහොතේ වාර්තා වන රෝගීන් සංඛ්‍යාව අපි දැක්කා ඊයේ දිනයේදී  1,500 ඉක්මවා යනවා. අපිට මෙය වාර්තාවෙන්නේ මීට දින තුනකට හෝ කලින් වාර්තා විය යුතු රෝගීන්. ඒ නිසා රටේ පවතින නියම ස්භාවය මේ රෝගී දත්තවලින් ගන්නවා නම් ඒක අපි මවා ගන්නා වැරදි චිත්‍රයක්. ඉදිරියේදී ඇතිවිය හැකි තත්ත්වය පිළිබඳ අවබෝධයක් ගන්නේ නම් අද දිනයේ පවතින නියම ස්භාවය අවබෝධ කර ගතයුතුයි. මේ ඇති වෙලා තියෙන තත්ත්වයට මහජනතාවගේ සංචරණය තමයි ප්‍රධාන වශයෙන් හේතු වුණේ. ඒ නිසා තවදුරටත් අපි වගකීම් විරහිතව අනවසර ඒකරාශී වීම්වල ගැවසෙනවානම්, කටයුතු කරනවානම්, සමාජ දුරස්ථ භාවය අවම වන විදිහට අපි කටයුතු කරනවානම් ඒක ඉතාමත්ම කණගාටුදායක තත්ත්වයක්. තමන්ගේ නිවසට අවශ්‍ය අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට නිවසින් බැහැරට යන්න නමුත් අනවශ්‍ය ලෙස සතිපොළවල් සහ රාත්‍රී වෙළෙඳසැල්වල හෝ අනෙකුත් ස්ථානවල රැඳී සිටින්න එපා. මේ තත්ත්වය තවදුරටත් වර්ධනයවෙලා ඉතාම අභාග්‍ය තැනකට තල්ලුවෙන්න තියෙන ඉඩ වැඩියි.“ 

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *