PHI මහත්වරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

සංචරණ සීමා පනවා ඇති ප්‍රදේශවල විවෘතව ඇති රාජ්‍ය හා පෞද්ගලික ආයතන වලින් කොවිඩ් – 19 ආසාදිතයින් වාර්තා වීමේ අවධානමක් ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

දැනට සංචරණ සීමා පනවා ඇති ප්‍රදේශවල රාජ්‍ය හා පෞද්ගලික ආයතන විවෘත කිරීමට අවසර ලබා දීම, ඇතැම් ආයතනවල ආසාදිතයින් වාර්තා වීම හා විවෘත කරපු ආයතන නිසා යම් අවදානම් තත්ත්වයකට මේ ප්‍රදේශ පැමිණෙමින් තිබෙන බවත් සභාපතිවරයා අවධාරණය කරයි.

තවද විශේෂයෙන් කොළඹ මහනගර සභා සීමාවේ වරාය ආශ්‍රිතව පාලනයකින් තොරව ආසාදිතයින් පැතිරෙන බවත් වරාය ආශ්‍රිතව අනුගමනය කරන ක්‍රමවේදයන් පිළිබඳවත් බරපතළ ගැටළු නිර්මාණයවී තිබෙන බවත්, රාජ්‍ය හා පෞද්ගලික ආයතන සංචරණ සීමා පනවපු ස්ථාන විවෘතව තබා ගැනීමේ දී ඒ ස්ථානවල සෞඛ්‍ය ක්‍රමානුකූල ක්‍රමවේදයන් ක්‍රියාත්මක කරනවා යන්න සම්බන්ධයෙන් දැඩිව අවධානය යොමුකළ යුතු බවත් එතුමා වැඩිදුරටත් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *