PHI ට කෙළ ගැසු නිසා අටලුගමට PCR කිරීම තාවකාලිකව නවතා දමයි.

පෙරේදා දිනයේ එනම් (2) අටලුගම ප්‍රදේශයේ කොවිඩ් ආසාදිත පුද්ගලයෙකු රෝහල් ගත කිරීමට යාමේදී ඔහු විසින් රෝහල් ගතවීම ප්‍රතික්ෂේප කර සෞඛ්‍ය නිළධාරින්ට තරජනය කරමින් ඔවුන් වෙත කෙළ ගැසීම හේතු කොට ගෙන අද දින අටලුගම ප්‍රදේශයේ සිදු කිරීමට සිටි PCR පරීක්ෂණ අද දින තාවකාලිකව නවතා දැමීමට සෞඛ්‍ය නිළධාරින් කටයුතු කලේය.

මෙම සිද්ධියට අදාලව අටලුගම  පල්ලි භාරකාර මණ්ඩලයේ සභාපතිවරයා අදාල නිළධාරියන්ගෙන් සමාව අයදින බව සදහන් කලේය.

කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 106 දෙනෙකු වාර්තා වන අතර ඉන් 98 දෙනෙකුම අටුලුගම ප්‍රදේශයෙන් හඳුනාගැනුණි. මේ හේතුව නිසාවෙන් ඉදිරි කාලයේදී අටලුගම ප්‍රදේශයෙන් ආසාදිතයින් විශාල ප්‍රමාණයක් ඇතිවීමට හැකියාවක් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *