PCR පරීක්ෂණ තදබදයට හේතුවූ යන්ත්‍ර අළුත්වැඩියා කිරීමට චීන කණ්ඩායමක් මෙරටට පැමිණේ

දැනට අක්‍රීය වී ඇති පීසීආර් යන්ත්‍රය අළුත්වැඩියා කිරීම සඳහා චීන තාක්ෂණවේදීන් කණ්ඩායමක් ඊයේ (30) රාත්‍රියේ මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සදහන් කරයි. කොවිඩ් ව්‍යාප්තිය හමුවේ පීසීආර් පරීක්ෂණ කටයුතු කඩිනම් කිරීමට ශ්‍රී ලංකා රජයේ හදිසි ඉල්ලීම අනුව මෙම තාක්ෂණවේදීන් කණ්ඩායම පැමිණ තිබේ.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් තානාපති කාර්යාලය පවසන්නේ අක්‍රිය මට්ටමේ පවතින පීසීආර් යන්ත්‍රය මෙන්ම අනෙකුත් යන්ත්‍ර ද මාස ගණනක් පුරා අඛණ්ඩව ක්‍රියාත්මක කර ඇති නිසා ඒවා ද පරීක්ෂා කර බලා, අවශ්‍ය අලුත්වැඩියා කටයුතු සිදි කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *