ඇඳිරිනීතියට පෙර “බස්නාහිරින් පැන්න” අය දින 14ක් නිරෝධායනටය

ඇඳිරි නීතිය පනවන බවට නිවේදනය කළ පසුගිය 29 වැනිදා සහ ඊට පසු දින (30) යන දෙදින තුළදී බස්නාහිර පළාතෙන් බැහැරට ගිය පුද්ගලයින් දැනට ඔවුන් රැඳී සිටින ස්ථානයේදීම දින 14 ක් ස්වයං නිරෝධායනයට යොමු කරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියි.

අද (31) උදෑසන පුද්ගලික රූපවාහිනි නාලිකාවක් සමග සජීවීව සම්බන්ධ වූ අජිත් රෝහණ මහතා වැඩි දුරටත් මෙසේ පවසා සිටියේය.

“ෆේස් බුක් එකේ, ඉන්ස්ටග්‍රෑම් එකේ දාලා තිබ්බා අපි වෙලාවට බස්නාහිරින් පැන්නා කියලා. ඒ අය ගැන අපි අන්තර්ජාලයෙන් මෙහෙයුමක් දියත් කරනවා තාක්ෂණික සහය ලබාගෙන. ඒ වගේම තමයි පොලිස් වසමක තියෙන හෝටල් ගැන විස්තර ඒ අදාල පොලීසියේ තියෙනවා. ඒ හොටල් වල කළමණාකරුවෝ කියන්න ඕනි තමන්ගේ හෝටලේට මේ අය ආවේ කවද්ද කියලා. 29 හෝ 30 ඇවිල්ලා තියෙනවා නම් ඒ බව දැනගන්න අදාල ආ ගිය පුද්ගලයින්ගේ තොරතුරු ඇතුළත් පොතේ ඒ බව සදහන් කරන්න ඕනි. ඒ ලැයිස්තුව හෝ පොත අනිවාර්යෙන් ක්‍රියාත්මක වෙන්න ඕනි කියලා නිරෝධායන රෙගුලාසි වල සදහන් වෙනවා. එහෙම කරලා නැත්නම් ඒ හෝටල් වලටත් විරුද්ධව කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා අදාළ තොරතුරු ලබාගෙන දින 14ක් ඒ ඉන්න ස්ථානයේම නිරෝධායනය කරනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *