PCR එපා යැයි කියමින් මාළු වෙළෙඳ සංකීර්ණයේ පිරිස් පලා යයි

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය ආශ්‍රිතයන්ට කළ පී.සී.ආර්. පරීක්ෂණවලට ඉදිරිපත් නොවීම සහ නිරෝධායන මධ්‍යස්ථාන වෙත නොයෑම ප්‍රතික්ෂේප කළ 18 දෙනකුට වැඩි පිරිසක් මාළු වෙළෙඳ සංකීර්ණය අසල පිහිටි අපවිත්‍ර ජලය පිරි ඇළ මාර්ගයට පැන එගොඩටට පීනා පලා ගොස් තිබේ.

පලා ගිය පිරිස සොයා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, ඉන් කිහිපදෙනෙක් තමන් කළ වරද පිළිබඳ අවබෝධ කරගෙන බලධාරීන් වෙත දුරකථන ඇමතුම් ලබාදී යළිත් පී.සී.ආර්. පරීක්ෂණයට යොමු කරන ලෙස ඉල්ලා සිට ඇති බවටත් වාර්තා වෙයි.

එම නිලධාරීන් සඳහන් කරන්නේ මෙම පිරිස අතර මත්කුඩු පානයට ඇබ්බැහි වූවන්ද සිටින බැවින් ඔවුන්ට මත්කුඩු නොමැතිව සිටිය නොහැකි බැවින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යෑම ප්‍රතික්ෂේප කරන බවටයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *