ඉහළ යන කොවිඩ් ආසාධිතයින් වෙනුවෙන් ගම්පහට රෝහල් දෙකක්

ගම්පහ දිස්ත්‍රික්කය තුළ කොවිඩ් ආසාධිතයින් සීඝ්‍රයෙන් ඉහළයාම නිසා එම රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා නව රෝහල් දෙකක් ඉදි කිරීමට පියවර ගනිමින් සිටින බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා පවසා සිටියි.

මෙම රෝහල් දෙක ඉදිකිරීම සඳහා ගම්පහ මහ රෝහල අසළ ස්ථානයක් හා වතුපිටිවල තරුණ මධ්‍යස්ථානයද තෝරා ගෙන ඇති බවයි වෛද්‍ය මිගාර ඈපා මහතා සදහන් කළේ. මෙම ඉදි කිරීම් වලට අදාළ කටයුතු ශ්‍රී ලංකා යුධ හමුදාව ප්‍රමුඛ ආරක්ෂක අංශ මගින් සිදු කිරීමට නියමිත අතර, මෙම රෝහල් වල ඉදි කිරීම් කඩිනමින් නිමා කිරීමට රජය උපදෙස් දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *