OnMaxDT සම්බන්ධව අධිකරණයෙන් නියෝග කිහිපයක්…

ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක පිරමීඩ මූල්‍ය වංචාවකට සම්බන්ධ බවට චෝදනා එල්ල වූ පෞද්ගලික සමාගමක (OnmaxDT) අධ්‍යක්ෂවරුන් හය දෙනෙකුට විදෙස් ගමන් තහනමක් පනවා ඇති බව වාර්තා වේ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විසින් ඊයේ (28) මෙම විදෙස් ගමන් තහනම පනවා ඇති බව ඩේලි නිව්ස් වාර්තා කරයි.

එම සමාගමේ අධ්‍යක්ෂවරුන් සහ කොටස්කරුවන් වන සම්පත් සඳරුවන්, අතුල, ගයාෂාන් අබේරත්න, මධුරංග ප්‍රසන්න, සාරංග රන්දික සහ ධනංජය ජයන් යන අයට මෙම විදෙස් ගමන් තහනම පනවා තිබේ.

විදේශ ගමන් තහනම පනවමින් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ එම තොරතුරු ආගමන විගමන පාලක ජනරාල්වරයා වෙත යවන ලෙසත්, සැකකාර අධ්‍යක්ෂවරුන්ට සහ සමාගමට අයත් ගිණුම් 57ක් අත්හිටුවන ලෙසත් අදාළ බැංකු ප්‍රධානීන්ට දැනුම් දෙන ලෙසයි.

බැංකු පනතේ 83 වැනි වගන්තිය සහ මුදල් විශුද්ධිකරණ පනතේ 03 වැනි වගන්තිය යටතේ සැකකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *