ත්‍රස්තවාදයට එරෙහි පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ප්‍රමාදයි.

ත්‍රස්තවාදයට එරෙහි පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ප්‍රමාද වන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා නිවේදනය කළේය.

විපක්ෂ දේශපාලන පක්ෂ ඇතුළු විවිධ කණ්ඩායම් කළ ඉල්ලීම්වලට අනුව මෙම තීරණය ගෙන ඇති බවයි අධිකරණ අමාත්‍යවරයා සඳහන් කළේ.

අප්‍රේල් මස අග හෝ මැයි මුල් සතිය වන විට පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ත්‍රස්තවාදයට එරෙහි පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ප්‍රමාද කරන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) මීට පෙර රජයෙන් ඉල්ලා සිටියේය.

අදාළ පාර්ශ්ව සමඟ නිසි සාකච්ඡාවකින් තොරව පනත් කෙටුම්පත ගැසට් කර ඇති බවට BASL කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *