Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

MSC Elsa 3 නෞකාවෙන් ගසාගෙන ආ ප්ලාස්ටික් කැටන් බහාලුම් 43කට වැඩි ප්‍රමාණයක් ඉවත් කරයි

MSC Elsa 3 නෞකාවෙන් ගසාගෙන ආ ප්ලාස්ටික් කැටන් බහාලුම් 43කට වැඩි ප්‍රමාණයක් ඉවත් කරයි

කේරළ වෙරළට ඔබ්බෙන් ගිලී ගිය MSC Elsa 3 නෞකාවෙන් ගසාගෙන පැමිණි ප්ලාස්ටික් කැට (plastic pellets) සහිත බහාලුම් 43කට වැඩි ප්‍රමාණයක් මේ වන විට එකතු කර ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) පවසයි.

MEPA සභාපති සමන්ත ගුණසේකර මහතා සඳහන් කළේ, මෙම ප්ලාස්ටික් කැට තවදුරටත් යාපනය දූපත් ප්‍රදේශයේ සිට ගාල්ල දක්වා වෙරළ තීරයට ගසාගෙන එමින් පවතින බවත්, මෝසම් කාලගුණ තත්ත්වය හේතුවෙන් තත්ත්වය තවදුරටත් උග්‍ර වී ඇති බවත්ය.

ප්ලාස්ටික් කැට ඉවත් කිරීමේ කටයුතු සඳහා මේ වන විට සේවකයින් 1,800කට ආසන්න පිරිසක් යොදවා ඇති අතර, ඒ සඳහා වන වියදම් අදාළ නෞකා සමාගම විසින් දරන බවද ඔහු පැවසීය.

මේ අතර, නෞකාව ගිලී යාම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සමුද්‍රීය පරිසර පද්ධතියට සිදුව ඇති හානිය සඳහා අවශ්‍ය වන්දි මුදල තක්සේරු කිරීමේ කටයුතු ද ආරම්භ කර ඇත. ඒ සඳහා පත් කළ විශේෂඥ කමිටුව ඊයේ රැස්වීමක්ද පැවැත්වූ බව MEPA සභාපතිවරයා සඳහන් කළේය.

ලයිබීරියානු ධජය යටතේ යාත්‍රා කළ MSC Elsa 3 බහාලුම් නෞකාව 2025 මැයි 25 වන දින ඉන්දියාවේ කේරළ වෙරළට නාවික සැතපුම් 38ක් පමණ දුරින් පිහිටි මුහුදු ප්‍රදේශයකදී ජල කාන්දුවක් ඇතිවීමෙන් පසු ගිලී ගියේය.

අනතුර සිදුවන අවස්ථාවේදී එම නෞකාව බහාලුම් 643ක් රැගෙන යමින් තිබුණි.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *