IPL තරගබිම උණුසුම් කරවන අපේ වීරයා “මහේල”.

ගිය වර IPL කුසලානය දිනාගත් කණ්ඩායම වූ මුම්බායි ඉන්දීයන්ස් කණ්ඩායම මෙවරද අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත්ව තිබේ.

(05) දින දිල්ලි කැපිටලස් කණ්ඩායම සමග පැවති පළමු අවසන් පුර්ව තරගයේ දී ලකුණු 57ක ජයක් හිමිකර ගත් ඔවුන් මෙලෙස අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය.

මුම්බායි ඉන්දීයන්ස් අණසකින් ගිලිහෙමින් තිබූ මෙම තරගය ප්‍රධාන පුහුණුකරු මහේලගේ සැලසුම් යටතේ යමින් විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් වීම විශේෂත්වයකි.

ගියවර ජයග්‍රහනයේදීද පුහුණුකරුවකු ලෙස නොව පිටියේ සිටින ක්‍රීඩකයෙකු මෙන් සැලසුම් සකස් කරමින් තරගාවලිය මුම්බායි ඉන්දීයන්ස් ජයග්‍රාහී මාර්ගයට මහේල විසින් රැගෙන ගිය ආකාරය දෙස් විදෙස් විචාරකයන්ගේ නොමද පැසසුමට ලක් විය.

විචාරකයන් කියා සිටිනුයේ මෙවරද IPL කුසලානය මුම්බායි ඉන්දීයන්ස් කණ්ඩායම ජයග්‍රණය කිරීමට වැඩි ඉඩකඩක් පවතින බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *