IOC ගණන් ඉස්සුවාට සිපෙට්කෝ පවතින මිලටම

ලංකා ඉන්දියන් ඔයිල් (IOC) සමාගම ඔක්ටේන් 92 වර්ගයේ ඉන්ධන ලීටරයක මිල රු.5/-කින් ඉහල දැමීමට තීරණය කලද ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල වැඩි කිරීමට තීරණය කර නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය නිවේදනය කරයි. ඉන්දියන් ඔයිල් සමාගම මෙලෙස මිල ඉහළ දමනු ලැබුවේ ඊයේ රාත්‍රියේදීයී.

ලෝක ඉන්ධන මිල අවම මට්ටමක පවතිද්දි රජය විසින් ඉන්ධන මිල වැඩි කිරිමට කටයුතු කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ චෝදනා එල්ල වුවත් IOC සමාගම ඉන්ධන මිල වැඩි කිරිමට ගත් තීරණය එම සමාගම මගින් ගන්නා ලද තීරණයක් බවත්, ඊට රජයේ කිසිදු මැදිහත් වීමක් නොමැති බවත් අමාත්‍යංශ නිවේනයේ වැඩිදුරටත් සදහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *