හොරණ නේවාසිකාගාරයේ ද්විත්ව ඝාතනයට හේතුව ආයතන හිමිකරුගේ පැත්තට කතා කිරීමයි

පසුගිය 15 වැනිදා හොරණ අරමනාගොල්ල කර්මාන්ත ශාලාවක නේවාසිකාගාරයක් තුළ දී පුද්ගලයන් දෙදෙනෙකුගේ හිසට කුලුගෙඩියකින් පහරදී ඝාතනය කර තවත් පුද්ගලයකුට බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු වන මකුලෑව බුල්නෑව පදිංචි වසන්ත ජයසිංහ නමැති 34 හැවිරිදි පුද්ගලයා ඊයේ (17) හොරණ අධිකරණයට අද ඉදිරිපත් කරනු ලැබුවා. අදාළ සැකකරු මේ මස 29 දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය නියෝග කළාය

මෙම ඝාතනයට හේතු වී ඇත්තේ ඉකුත් 15 වැදි දින ආයතනයෙන් ප්‍රමාණවත් පරිදි වැටුප් නොගෙවීම පිළිඹදව සැකකාර පුද්ගලයා ආයතන හිමිකරුට දොස් පවරා තිබේ. එම දොස් පැවරීමට එරෙහිවූ අනෙක් පුද්ගලයින් තිදෙනා සමඟම බහින් බස් වීමෙන් පසු අදාළ සැකකරු මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවත්, පහරදීමට යොදා ගත් කුළුගෙඩියේ මිට කොටස් දෙකකට වෙන් වී තිබී හමුවූ බවත් පොලිසිය අධිකරණයට දැන්වීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *