ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) විසින් ඉන්දියාව සමඟ පැවැත්වෙන දින තුනක පුහුණු තරගය සඳහා 15 දෙනෙකුගෙන් සමන්විත SLC XI කණ්ඩායම නම් කර තිබේ.
තරගය හෙට (07) කොළඹ NCC ක්‍රීඩාංගණයේදී ආරම්භ වන අතර, තරගය පෙරවරු 10.00ට ආරම්භ කිරීමට නියමිතය.
SLC XI කණ්ඩායමේ නායකත්වය සෝනල් දිනූෂ විසින් දරනු ලබයි.
SLC XI කණ්ඩායම:
- නිශාන් මධුෂ්ක
- රවිඳු රශාන්ත
- පසිඳු සූරියබණ්ඩාර
- පවන් රත්නායක
- අහන් වික්‍රමසිංහ
- සෝනල් දිනූෂ – නායක
- අංජල බණ්ඩාර – කඩුලු රකින්නා
- නිපුන් ධනංජය
- ළහිරු කුමාර
- විශ්ව ප්‍රනාන්දු
- අසංක මනෝජ්
- ඉසිත විජේසුන්දර
- රමේෂ් මෙන්ඩිස්
- කේසර නුවන්තා
- දිලුම් සුදීර


