Google Street View නිර්මාණය වෙන්නේ මෙහෙමයි

Google Street View යනු ලංකාවට 2016 දී පමණ ලැබුණු පහසුකමක්. ඒත් එය මුලින්ම ලෝකයට හදුන්වා දෙනු ලැබුවේ 2007 කාලසීමාව තුළදීයි. පරිඝණකය මගින් හා ජංගම දුරකතනය මගින් Google Street View බැලීමේ පහසුකම තිබෙනවා. ඒ සමගම මෑතකදි ලංකාවේ බස් මාර්ග අංකද සහිතව බැලීමේ තත්වයට එය යාවත්කාලීන වුණා. Street View භාවිතා කරන කොට ගමන් මගේ පයින් ඇවිදිනවා හා සමාන දෙයක් අපිට දැනෙනවා.

ඉතින් අපිට Street View බලන එක ලේසි දෙයක් වුණාට එය නිර්මාණය කරන ගූගල් සමාගමටනම් මෙය ඉතාමත් දුෂ්කර කටයුත්තක්. මොකද මේ හැම මාර්ගයකම කැමරාවක් යැවීමෙන් තමයි මේ Google Street View එක නිර්මාණය කරලා තියෙන්නේ. ඒ සදහා ඔවුන් කැමරා සවිකළ විශේෂ කාර් එකක් නිර්මාණය කර තිබෙනවා. මේ ගූගල් කාර් එකේ ඇති විශේෂ කැමරාවේ මෙගාපික්සල් 5ක ලෙන්ස් 15ක් තියෙනවා. එම ලෙන්ස් 15න් ලැබෙන ඡායාරෑප එකතුවෙලා තමයි මෙම පැනරොමා විව් එක ලබාගන්නේ. ඒ වගේම තමයි ලංකාවේ දුෂ්කර මාර්ග Google Street View මගින් ආවරණය නොවුණත් විදෙස් රට වල දුෂ්කර මාර්ග නම් නැරඹිමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ වාහනයකින් ගමන් කළ නොහැකි, සංචාරකයින් පයින් ගමන් ගන්නා ප්‍රසිද්ධ ස්ථාන Google Street View මගින් ආවරණය කර තිබෙනවා. ඒ සදහා ඔවුන් උපයෝගී කරගෙන ඇත්තේ පිටේ එල්ලාගෙන යාහැකි ආකාරයට සකස් කරන ලද ගූගල් කාර් කැමරා එකටම සමාන කැමරා පද්ධතියක්. ඉතින් ගූගල් කාර් එකට ගමන් කළ නොහැකි ස්ථාන වලට මේ කැමරාව පිටේ එල්ලාගෙන යන ට්‍රේකර් (Trekker) එයාගේ අතේ තියෙන ජංගම දුරකතනයේ සහාය හා පාලනය ඇතිව ඒ පටිගත කිරීම් සිදුකරනවා.

ඒ වගේම තමයි ගොඩබිම පිහිටි දුෂ්කර තැන් වගේම මුහුද මතුපිට, මුහුදු පතුල තුළත් හිම අධික ප්‍රදේශ වල වගේම කාන්තාර වලත් Google Street View පටිගත කිරීම් සිදුකරනවා. මේ තියෙන්නේ අපි කියපු විස්තර හා සම්බන්ධ ඡායාරූපයි..

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *