අක්‍රීය වී ඇති මත්තල ගුවන් තොටුපළ යළි සක්‍රීය කිරීමට උපදෙස්

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගුවන් ගමන් හා අනෙකුත් මෙයෙහුම් ඉක්මනින් ආරම්භ කරන ලෙස කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමැති ප්‍රසන්න රණතුංග මහතා සිය අමාත්‍යාංශ නිළධාරීන්ට උපදෙස් ලබා දී ඇතැයි එම අමාත්‍යාංශය සදහන් කරයි.

පළමුව මත්තල ගුවන් තොටුපළේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් ගමන් මෙහෙයුම් ඇරඹිමටත් , ඉන් අනතුරුව සෙසු ජාත්‍යන්තර ගුවන් සමාගම් සමගද සාකච්ඡා කර එම සමාගම් වල ගුවන් යානා මත්තලට ගෙන්වා ගැනිමට කටයුතු සකස් කරන ලෙසත් ඇමතිවරයා ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ නිළධාරීන්ට උපදෙස් ලබා දී ඇත. අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ ගුවන් තොටුපල බළධාරින් අතර පසුගියදා පැවති සාකච්ඡාවකදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *