Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

facebook හසුරවන්නේ UNP ආණ්ඩුව… මෙන්න සාක්ෂි ….

facebook  හසුරවන්නේ UNP ආණ්ඩුව… මෙන්න සාක්ෂි ….

FACEBOOK ආයතනය ශ්‍රී ලංකා රජය සමග සෘජූ සම්බන්ධතා අරඹන්නේ 2018 වසරේ ඇතිවූ දිගන – තෙල්දෙනිය ගැටුමෙන් පසුවය. සිය පාලනයට දැඩිව තර්ජනයක් වූ සමාජජාලා වාරණය කිරීමට ශ්‍රී ලංකා රජය මෙම ගැටුම යොදාගත්තේය.

එහිදි ශ්‍රී ලංකා රජය විසින් ෆේස්බුක් ආයතනයට චෝදනා කළේ ෆේස්බුක්හී පළවූ වෛරී ප්‍රකාශ ෆේස්බුක් ආයතනය විසින් ඉවත් නොකිරීම මෙම ගැටුම වර්ධනය වීමට හේතුව වූ බවයි. ෆේස්බුක් ආයතනයේ සිංහල භාෂාව කියවිය හැකි සම්පත් දායකයන් නොසිටීම එම අතපසුවීමට හේතුව ලෙසට ෆේස්බුක් ආයතනය පෙන්වා දුන්නා.

ප්‍රධාන facebook නියෝජිතයා UNP හිටපු මහ ලේකම්ගේ පුතා…

මේ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රධාන ෆේස්බුක් නියෝජිතයා සහ සිංහල පළකිරීම් සම්බන්ධ ප්‍රධාන නිළධාරියා ලෙස පත් වූයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ අගමැති කාර්ය මණ්ඩලයේ සේවය කරමින් සිටි සෙනුර අබේවර්ධනය. සෙනුර අබේවර්ධන යනු එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් හර්ෂ අබේවර්ධනගේ පුත්‍රයා වීම විශේෂය. සෙනුර කෝට්ටේ ආසනයේ එක්සත් ජාතික පක්ෂ තරුණ පෙරමුණු සභාපතිවරයා ලෙසද කටයුතු කිරීම විශේෂත්වයකි.

එතැන් පටන් ශ්‍රී ලංකාවේ ෆේස්බුක් අඩවියේ ආණ්ඩු විරෝධි පළකිරීම් වාරණය වීම සිදු වන්නේ සෙනුර අබේවර්ධනගේ මූලිකත්වයෙනි. එමගින් ෆේස්බුක් වෙබ් අඩවිය සම්පූර්ණයෙන් අවහිර නොකොට තමන්ට අහිතකර පළකිරීම් පමණක් ඉවත් කරමින් එජාපය ඉතා උපක්‍රමශීලි ලෙස සමාජජාලා වාරණයක නිරත වෙමින් සිටියි.

facebook එකත් රවට්ටලා

එපමණක් නොව තමන් විසින් වැටුප් ගෙවනා ශ්‍රී ලංකාවේ නියෝජිතයන් මෙලෙසට වංචාවක් සිදු කරනා බව ෆේස්බුක් මවු ආයතනය දැනුවත්ද නැත. එයට හොදම උදාහරණය වන්නේ ඉරාජ්ගේ ෆේස්බුක් පිටුව ඉවත් කළ පසුබිමක ඉරාජ් විසින් නැවතත් සිය ෆේස්බුක් පිටුව ලබා ගන්නේ ෆේස්බුක් මවු ආයතනයට සිදු කරනා සවිස්තරාත්මක පැමිණිල්ලක් හේතුවෙනි.

ඉරාජ්ගේ එම පැමිණිල්ල හේතුවෙන් ශ්‍රී ලංකාවේ ෆේස්බුක් නියෝජිතයන් කිහිප දෙනෙකුට රැකියා අහිමි වීමද විශේෂත්වයකි. මන්දයත් ෆේස්බුක්හි පළකිරීම් නියාමනය කරනා නිළධාරීන් එය සිදු කළ යුත්තේ ඉතාමත් අපක්ෂපාතී බවෙන් වීම ෆේස්බුක් ප්‍රතිපත්තිය වීම නිසාය. කිසිදු දේශපාලන පක්ෂයකට හෝ හිතවතෙකුට පක්ෂග්‍රාහී ලෙස කටයුතු කිරීමට ඔවුන්ට නොහැකිය.

කෙසේ වෙතත් තවමත් සෙනුර අබේවර්ධන ඇතුලු කිහිප දෙනෙක් ෆේස්බුක් ආයතනයේ ශ්‍රී ලංකා නියෝජිතයන් ලෙසට රාජකාරි කරමින් මැතිවරණ කාලසීමාවක මෙරට විපක්ෂ මතධාරීන් සොයා ෆේස්බුක් දඩයමක නිරත වී සිටියි.

ඒකාබද්ධ විපක්ෂය මැදිහත් වෙයි

මේ අතර ශ්‍රී ලංකාවේ ෆේස්බුක් ප්‍රධානී සෙනුර අබේවර්ධන පිළිබඳව සහ රජය විසින් පත් කළ ශ්‍රී ලංකාවේ ෆේස්බුක් නියෝජිතයන් විසින් සිදු කරමින් පවතින සමාජජාලා දඩයම පිළිබඳ ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කාංචන විජේසේකර සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබේ.

කෙසේ වෙතත් මැතිවරණ සමයක සිය දේශපාලන මතවාද ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකාවේ facebook නියෝජිතයන් විසින් සිදු කරනා මර්ධනය පිළිබඳ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලිපි ශීර්ෂ වලින් සවිස්තරාත්මක පැමිණිල්ලක් ෆේස්බුක් මවු ආයතනයට සිදු කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ තරුණ කණ්ඩායම විසින් සුදානම් කරමින් පවතින බව වාර්තා වෙනවා.

ඔවුන් මේ වනවිටත් විශේෂඥ කණ්ඩායමක සහය ලබා ගෙන සෙනුර අබේවර්ධන ඇතුලු කණ්ඩායම ෆේස්බුක් අඩවියෙන් ඉවත් කළ එහෙත් ෆේස්බුක් නීති රෙගුලාසි වලට අනුකූල දේශපාලන මත රැගත් පළකිරීම්, පිටු හා ගිණුම් එකතුවක් සාදා සිය පැමිණිල්ල ගොනු කරමින් සිටින බවද වාර්තා වේ.

මේ අතර විපක්ෂයේ ප්‍රධානම අපේක්ෂකයා වන ගෝඨාභය රාජපක්ෂට ඇති ජනප්‍රසාදය සහ ඔහුගේ හැකියාවන් රනිල් වික්‍රමසිංහ හොඳින්ම දනී.
සමාජ ජාලා ක්‍රියාකරුවන් සහ සමාජ ජාල ඇසුරුකරන තරුණ ප්‍රජාවතුළ පවතින රජය කෙරෙහි ගොඩනැගී ඇති අප්‍රසාදය ද කෙළවරක් නැත. සමාජ ජාල තුළ 2020 ජනාධිපති කවුරුන් වේද කියා විමසන සෑම චන්දයක දීම 70% වඩා ප්‍රතිශතයක් අදටත් ලබා ගන්නේ ගොටභය රාජපක්ෂය. එම නිසා ඉදිරියේ දී තවදුරටත් සමාජ ජාලවලට අත්තනෝමතිකව බලපෑම් කිරීමට බලය වෙනුවෙන් උත්සාහ කරන සියලු දෙනාම උත්සාහවත් වනු ඇත.

මේ සියල්ල දේශපාලනික සෙල්ලම්ය. ඇතැම් ඒවා රුදු මෙන්ම කිසිසේත් නොපැතූ දේවල් විය හැකිය. නොසිතූ දේවල් විය හැකිය. ලංකාවේ දේශපාලණය යනු තම බලය රැකගැනීම සහ වැඩි දියුණු කරගැනීම වෙනුවෙන් රට වුවද පාවා දීමය. විටෙක තම දේශපාලන සගයා ව වුවද පාවා දීමය. පසුගිය ලිපියක අප ඒ පිළිබඳව මනා කොට පහදා දී ඇත. සෑම විටම රට ගැන ආදරයක් ඇති මිනිසුන් නායකයන් ලෙස ඉදිරිපත් නොවෙති. රට ගැන ආදරයක් තිබුණත් පටු වාසි සහ අපේක්ෂා ඉදිරියේ රට විනාසය කරා ඔවුන් ඇද දමති. මේ සියල්ල අතරේ උණුසුම්වන ජනපතිවරණ සටන දෙස ශ්‍රී ලාංකිකයන්ට මැදිහත් ලෙස බලමින් සිතීමට සිදුවනුයේ ලාංකික දේශපාලනය පිළිබඳ කිසිදා තේරුම් ගත නොහැකි උභතෝකෝටිකය විසඳාගැනීමට නොව සිය මවුබිම වෙනුවෙන් හෝ තමන් වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදයේ අවසන් අවිය භාවිත කිරීමට ක්‍රමයක් සොයමිනි.

එක් වරක් වරදවා ගතහොත් වසර පහක් වරදිනු ඇත. එක් වරක් නිවැරදි වුව හොත් වසර පහක් දක්වා රට දියුණුවට එය හේතුවක් වනු ඇත.

තොරතුරු උපුටා ගැනීම ….  lanka mag වෙබ් අඩවියෙන්

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *