Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

COVID -19 තොරතුරු ජනතාවට ලබාදීමට ජාතික වෙබ් අඩවියක්

COVID -19 තොරතුරු ජනතාවට ලබාදීමට ජාතික වෙබ් අඩවියක්

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය ICTA රජයේ ප්‍රධාන ආයතන සමඟ එක්ව COVID-19 අදාළ තොරතුරු මහජනතාවට ලබාදීම සඳහා ජාතික වෙබ් අඩවියක් www.covid19.gov.lk. නමින් දියත් කරන ලදී.

COVID-19 හේතුවෙන් රට තුළ ඇතිවූ නව තත්ත්වය සැළකිල්ලට ගනිමින් මෙය නිර්මාණය කරන ලද අතර ශ්‍රී ලංකා රජය විසින් ප්‍රකාශයට පත්කරන තොරතුරු විශ්වාසදායක මූලාශ්‍රයන් හරහා මහජනතාවට ලබා දී මෙහි අරමුනි අරමුණවිය.

ජනාධිපති ලේකම් කාර්යාලය, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය, COVID -19 ව්‍යාප්තිය වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, ආරක්ෂක අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා යුද හමුදාව මෙම වැඩසටහනේ නියැලී සිටින ප්‍රධාන ආයතන හා සංවිධාන වේ.

මෙම වෙබ් අඩවියේ ඉදිරිපත් කර ඇති තොරතුරු හෝ දත්ත විවිධ රාජ්‍ය ආයතනවලින් සහ වෙනත් වගකිවයුතු පාර්ශවයන්ගෙන් ලබාගැනේ . COVID -19 පැතිරයාමට අදාළ සියලු තොරතුරු සහ ක්‍රියාකාරකම් සොයා ගැනීමට මෙය තොරතුරු කේන්ද්‍රස්ථානයක් වනු ඇති අතර දේශීය හා අන්තර්ජාතික වශයෙන් නවතම යාවත්කාලීන කිරීම් සමඟ නිවැරදි ප්‍රවෘත්ති සමඟ සම්බන්ධ වීමට පුරවැසියන්ට බාධාවකින් තොරව මෙමගින් අවස්ථාව උදාවේ.

තවද, එම වෙබ් ද්වාරය සෞඛ්‍යයට අදාළ සංඛ්‍යා ලේඛනවලට පමණක් සීමා නොවන අතර ආර්ථිකය, ආනයන හා අපනයන, සංචාරක, ප්‍ර වාහන, විදේශි සේවා , අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදා හැරීම, සමාජ සුභසාධනය, නීතිය හා සාමය, ආරක්ෂක සහ අධ්‍යාපනය වැනි තොරතුරු ද එහි අඩංගු වේ.

සීමාසහිත ඊමාර්කෙටින් අයි (පුද්ගලික) සමාගමේ තාක්ෂණික සහාය ඇතිව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *