COVID-19 අරමුදලේ ශේෂය රුපියල් මිලියන 900 ඉක්මවයි

COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ තැන්පතු ශේෂය රුපියල් මිලියන 900 දක්වා ඉහළ ගොස් ති‍බෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ශ්‍රී ලංකා විදේශ සේවා නිලධාරීන්ගේ සංගමය රුපියල් මිලියන 2.8ක පරිත්‍යාගයක් COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පසුගියදා පිළිගන්වා තිබේ.

එමෙන්ම සබරගමුව පළාත් සභා අරමුදල රුපියල් මිලියනයක්, රත්නපුරයේ ජානක රණවක මහතා රුපියල් ලක්ෂයක් සහ රත්නපුර දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රුපියල් එක් ලක්ෂ පනස් පන්දහසක් ආරක්ෂණ අරමුදලට පරිත්‍යාග කර තිබූ අතර ඊට අදාළ චෙක්පත් පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා ජනාධිපතිවරයා වෙත පිළිගැන්වු බව ද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ විශ්‍රාමික නිලධාරීන්ගේ සංගමය රුපියල් ලක්ෂ 05ක් සහ ශ්‍රී ලංකා ටෙලිකොම් බෞද්ධ සංගමය රුපියල් ලක්ෂ 03ක්ද අරමුදලට පරිත්‍යාග කර තිබේ.

මීට අමතරව ලංකා සීනි පෞද්ගලික සමාගම ඝෘජුව තැන්පත් කළ රුපියල් මිලියන 3.5ක් සමඟ COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය දැන් රුපියල් මිලියන 900 ඉක්මවා ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ අංක 85737373 දරණ විශේෂ ගිණුමට පරිත්‍යාග බැර කළ හැකි අතර නීත්‍යානුකූල ගිණුම් මඟින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල් බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කර ඇත.

චෙක්පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්රේ ෂණ මඟින්ද මුදල් තැන්පත් කිරීමට පිළිවන.

දුරකථන අංක 011 – 2354479 / 011 – 2354354 ඔස්සේ අධ්‍යක්ෂ ජනරාල් (පරිපාලන) මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කේ.බී. එගොඩවෙලේ මහතා අමතා වැඩි විස්තර දැන ගත හැකියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *