සහරාන් විසින් කාන්තාවන්ට දේශන පැවැත්වූ ස්ථානයක් සොයා ගැනේ

පාස්කු ඉරිදා එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ මහමොළකරු ලෙස සැලකෙන සහරාන් හෂිම් කාන්තාවන්ට දේශන පැවැත්වීමට යොදාගත් ස්ථානයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (08) දිනයේ සොයාගත්තා.

මඩකලපුව, කාත්තන්කුඩි, පාලමුනෙයි ප්‍රදේශයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම වැටලීම සිදුකළේ මාවනැල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු හෙළිකළ තොරතුරකට අනුවයි. 2018 වසරේ දී කාන්තාවන් 20 දෙනෙකු මෙහිදී සහරාන්ගේ දේශනවලට සහභාගිවී ඇති බවත්, සහරාන් ඇතුළු බෝම්බකරුවන්ගේ බිරින්දෑවරුන් ද ඒ අතර වන බවයි හෙළිව ඇත්තේ.

මෙම ස්ථානය හෝටල් භූමියක් වන අතර එහි හිමිකරු සහ එම ස්ථානයේ රැදී සිටි අයගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ ලබාගත්තා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *