මහරගම අපේක්ෂා රෝහලට එන රෝගීන්ට ප්‍රවාහන පහසුකම් සැපයීමට පියවර

දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට මහරගම අපේක්ෂා රෝහලේ සායන සඳහා පැමිණෙන රෝගී ජනතාවට අවශ්‍ය ප්‍රවාහණ පහසුකම් සැලසීමට විධිමත් වැඩ පිළිවෙළක් සකසන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයාට උපදෙස් ලබාදී තිබේ.

රටතුල පනවා ඇති ඇඳිරි නීතිය හේතුවෙන් ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමේ ගැටලුවකට මුහුණ පා සිටින බව රෝගීන් විශාල පිරිසක් පැමිණිළි කර ඇති අතර එම පැමිණිලි සළකා බැලීමෙන් පසු අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී ඇති බවට වාර්තා වේ.

අපේක්ෂා රෝහලේ සායන සදහා යන පිරිස් දැනට මාස දෙකක පමණ කාලයක සිට අදාළ සායන සඳහා පැමිණීමේ අපහසුතාවයෙන් පෙළෙමින් සිටින බව සඳහන් වේ. එමෙන්ම සායන සඳහා පැමිණිමෙන් අනතුරුව ලබා ගත යුතු ඖෂධ ලබා ගැනීමට ද ඔවුන්ට නොහැකි වී ඇති බවටයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *