Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

Cable Car ගහනවා නං හැරමිටි පහන ගාවින් නවතන්න – ශ්‍රී පාද විහාරාධිපති හිමි

Cable Car ගහනවා නං හැරමිටි පහන ගාවින් නවතන්න – ශ්‍රී පාද විහාරාධිපති හිමි

රජය මගින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති කේබල් කාර් ව්‍යාපෘතිය කෙරෙහි ශ්‍රී පාදස්ථානාධිපති, ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය පූජ්‍ය බෙංගමුවේ ශ්‍රී ධම්මදින්න නාහිමියන් සිය ආශිර්වාදය පළ කර සිටිනවා. කෙසේ වුවද මෙම කේබල් කාර් පද්ධතිය ස්ථාපනය කිරීමේදී එය “හැරමිටි පහන” ප්‍රදේශය දක්වා පමණක් සීමා විය යුතු බව උන්වහන්සේ අවධාරණය කර සිටිනවා.

මේ අතර 2025-2026 ශ්‍රී පාද වන්දනා සමය එළඹෙන මැයි මස 31 වනදායින් අවසන් වන බව ශ්‍රී පාදස්ථානාධිපති හිමියන් නිල වශයෙන් නිවේදනය කළා. ඒ අනුව වෙසක් පුන් පෝය දිනට පසුදින, එනම් මැයි මස 31 වනදා උදෑසන පැවැත්වෙන විශේෂ පූජෝත්සවයෙන් අනතුරුව මෙවර වන්දනා වාරය නිමාවට පත්වනු ඇති.

ශ්‍රී පාද වන්දනා වාරය නිම කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නිලධාරීන් දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් නල්ලතන්නිය ග්‍රාම සේවා කාර්යාලයේදී පැවැත්වුණු අතර එහිදී නාහිමියන් මේ බව සඳහන් කළා. වන්දනා සමය අවසන් කිරීමේ චාරිත්‍රයට අනුව ශ්‍රී පාද උඩ මළුවේ තැන්පත් කර ඇති සධාතුක කරඩුව සහ සමන් දේව ප්‍රතිමාවන් මාර්ග හතරක් ඔස්සේ පෙරහැරින් වැඩම කරවීමට කටයුතු යොදා තිබෙනවා.

මෙම පෙරහැර කටයුතු සැලසුම් කර ඇත්තේ රත්නපුර – පලාබද්දර මාර්ගය සහ කුරුවිට – එරත්න මාර්ගය ඔස්සේ එක් පෙරහැරක් ද, නල්ලතන්නිය හරහා බගවන්තලාව – බලංගොඩ මාර්ගය සහ නල්ලතන්නිය – ලක්ෂපාන – අවිස්සාවේල්ල හරහා අනෙකුත් පෙරහැරවල් ද ගමන් කරන පරිදියි. මෙලෙස වැඩම කරවන පූජනීය වස්තූන් එදින රාත්‍රියේ පැල්මඩුල්ල ශ්‍රී පාද රජමහා විහාරයේ තැන්පත් කර ආගමික වතාවත් සිදුකිරීමෙන් පසු, අවාරය අවසන් වන තෙක් ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරයේ සුරක්ෂිතව තැන්පත් කෙරෙනු ඇති.

මෙවර වන්දනා සමය තුළ “දිට්වා” සුළි කුණාටුව හේතුවෙන් විවිධ බාධාකාරී තත්ත්වයන් මතු වුවද, සමස්තයක් ලෙස වන්දනා වාරය සාර්ථකව නිමා කිරීමට හැකි වූ බවයි පූජ්‍ය බෙංගමුවේ ශ්‍රී ධම්මදින්න නාහිමියන් සිහිපත් කළේ. විශේෂයෙන්ම නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරියගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී අනාවරණය වූයේ මෙවර වන්දනා සමයේදී පරිසර දූෂණය අවම කරගැනීමට හැකිවීම සුවිශේෂී ජයග්‍රහණයක් බවයි.

සීත ගඟුලේ සිට ඉඳිකටු පාණ දක්වා ක්‍රියාත්මක කෙරුණු පානීය ජල ව්‍යාපෘතිය හේතුවෙන් වන්දනාකරුවන් පරිසරයට බැහැර කරන ප්ලාස්ටික් බෝතල් ප්‍රමාණය කැපී පෙනෙන ලෙස අඩු වී ඇති බව එහිදී ප්‍රකාශ වුණා. මෙම සාර්ථකත්වය සැලකිල්ලට ගනිමින්, එළඹෙන වසරේදී අදාළ ජල ව්‍යාපෘතිය ශ්‍රී පාද උඩ මළුව දක්වාම ව්‍යාප්ත කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි බලධාරීන් වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *