Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

BMICH අනවසරයෙන් වීඩියෝ කළ මුස්ලිම් හතරක් කොටුවෙයි

BMICH අනවසරයෙන් වීඩියෝ කළ මුස්ලිම් හතරක් කොටුවෙයි

බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවට අනවසරයෙන් ඇතුළුවී විඩියෝ ගත කරමින් සිටි මුස්ලිම් ජාතිකයින් සිව් දෙනකු සැකපිට ප්‍රශ්න කිරිම සඳහා අත්අඩංගුවට ගත් බට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පොලිසිය කියයි.

ඔවුන් සන්තකයේ තිබු විඩියෝත්, වීඩියෝ ගත කිරිමට යොදා ගත් කැමරාවක් හා ජංගම දුරකතන තුනක්ද පොලිසිය බාරයට ගත් බව පොලිසිය කියයි. මේ දිනවල බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පොන් ප්‍රදර්ශනය පැවැත්වෙන බැවින් ඒ සඳහා ටිකට්පතක් හෝ මිලදී නොගෙන මෙම පුද්ගලයන් හොර

රහසේ සම්මන්ත්‍රණ ශාලාවට ඇතුළු වී තිබූ බව පොලිසිය කියයි. එම පුද්ගලයන් පිළිබඳ සැකසිතී පිරිසක් ඔවුන්ට පිටවී යාමට ඉඩ නොදී රඳවාගෙන සිටියදී අත්අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි.

ඔවුන් ඒ පිළිබඳ ප්‍රශ්න කිරිමේදී පොත් ප්‍රදර්ශනය ප්‍රචාරය සඳහා වීඩියෝ ගත කළ බව පැවසුව ද, ඔවුන්ට ඒ සඳහා නිසි අවසරයක් සහිත හැඳුනුම්පතක් හෝ වෙනයම් ලියවිල්ලක් නොතිබු බව පොලිස් නිලධාරියෙක් පැවසිය. පොත් ප්‍රදර්ශනය ඊයේ (29) දිනෙන් නිමාවන බවත්, ඊට ප්‍රචාරයක් ලබාදීමට යැයි එම පුද්ගලයන් පැවසීම සැකයට තුඩුදෙන්නක් වූ බවත් නිලධාරින් වැඩිදුරටත් පැවසීය.

එම සිව්දෙනා සම්බන්ධයෙන් ඇතිවූ සැකය හේතුවෙන් එහි සිටි පිරිස් විඩියෝ ගත කළ දර්ශන මකා දමන ලෙස පවසා  සිටීමෙන් පසු ඔවුන් ඒවා මකා දැමු බව පැවසුවද එම දර්ශන  ඔවුන්ගේ කැමරාවේ හා ජංගම දුරකනනවල අඩංගුව පැවතීම හේතුවෙන් එම සැකය දෙගුණ තෙගුණ වූ බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් වැල්ලම්පිටිය, වැල්ලවත්ත හා කොච්චිකඩේ පදිංචි වයස අවුරුදු 24 හා 43 අතර පුද්ගලයන්ය. අත්අඩංගුවට ගත් පුද්ගලයන් සිටී දෙනාගෙන් වැඩිදුර ප්‍රශ්න කිරිම සඳහා කුරුඳුවත්ත පොලිසියට බාරදී ඇත.

(Image – Sunday Observer)

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *