LK reports news sinhala

ලොව වේගවත්ම මිනිසා කෝල්මන්

එක්සත් ජනපදයේ කෙටිදුර ධාවක ක්‍රිස්ටියන් කෝල්මන් කටාර් නුවර සෙනසුරාදා පැවති මීටර් 100 පිරිමි ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගාවලියේ රන් පදක්කම දිනා ගැනීමට සමත් විය. තත්පර 9.76 කින් ඔහු තරගය අවසන් කර වාර්තා පොතට එකතුවූයේ ලෝකයේ  6 වැනි වේගවත්ම මිනිසා ලෙස වාර්තාවක් තබමිනි.

වත්මන් ලෝක ශූර ජස්ටින් ගැට්ලින් ශූරතාවලියේ දෙවැනි ස්ථානයට පත්විය. කැනඩාවේ ඇන්ඩ්‍රේ ඩි ග්‍රාස් තෙවැනි ස්ථානය ලබාගත්තේය.

‍23 හැවිරිදි කෝල්මන් පැවසුවේ “අවසානයේදී මගේ සියලු කරදර දැන් අවසන්වී ඇති බවයි. එය උමතු හැගීමක්. ජනප්‍රිය පුද්ගලයින්ගේ ලැයිස්තුවට මගේ නම එක් කිරීම ගෞරවයක් හා ආශීර්වාදයක්.

කෝල්මන් සිය පෞද්ගලික දක්ෂතා පරාජය කරමින් ඉතිහාසයේ හයවැනි වේගවත්ම මිනිසා බවට පත්විය. කෙසේ වෙතත්  පසුගිය වසරක කාලයේ කෙටිදුර ධාවන ඉසව් වලට එක්වීමේදී තහනම් උත්තේජක භාවිත පරීක්ෂණ තුනකට සාම්පල ලබා දීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් කෝල්මන්ට චෝදනා එල්ල වී තිබේ.

ලෝකයේ වේගවත්ම මිනිසා ලෙස මීටර සියය සඳහා නොබිඳුණ වාර්තාව තවමත් උසේන් බෝල්ට් සතුය..

(Image – BBC)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *