ATM වංචාවක් සම්බන්ධයෙන් 24 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට…

ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර වංචාවක් හරහා මූල්‍ය වංචාවක් සිදුකළ 24 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරු සන්තකයේ තිබූ ATM කාඩ්පත් 15කට ආසන්න ප්‍රමාණයක් සමඟ පෙරේදා (10) අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

පුද්ගලයන්ගේ ATM ගණුදෙණු සඳහා සහය වන බව පවසමින් ඔවුන්ගේ PIN අංක ලබාගෙන පසුව මුල් ATM කාඩ්පත වෙනුවට ව්‍යාජ ATM කාඩ්පතක් ලබාදී සැකකරු මූල්‍ය වංචාවක් සිදුකර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

පිළියන්දල, කොට්ටාව, දෙහිවල, මිරිහාන, මහරගම ආදී විවිධ ප්‍රදේශවලින් මේ සම්බන්ධයෙන් පැමිණිලි 50කට අධික ප්‍රමාණයක් ලැබී තිබූ අතර, ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *