සැමියාගේ මරණය සම්බන්ධයෙන් බිරිඳ රිමාන්ඩ්.

බීමතින් තම බිරිඳට නිරන්තරයෙන් පහරදුන් පුද්ගලයෙකු පුලස්තිපිර ප්‍රදේශයේදී සිය බිරිඳ විසින් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.

31 හැවිරිදි එක්දරු පියෙකු වන මිය ගිය පුද්ගලයා මත්පැන් පානය කර සිය 21 හැවිරිදි බිරිඳට දිගින් දිගටම පහරදී ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

ඔහු නැවත වරක් මත්පැන් පානය කර පහරදී තුවාල සිදුකිරීමෙන් පසු එම කාන්තාව ආත්මාරක්ෂාව සඳහා පිහියකින් ඇන ඝාතනය කර ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අප්‍රේල් 21 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

පුලස්තිපුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *