Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

86 පුද්ගලයා හප්පා මැරූ 15 රියදුරු අත්අඩංගුවට

86 පුද්ගලයා හප්පා මැරූ 15 රියදුරු අත්අඩංගුවට

පසළොස් හැවිරිදි පිරිමි ළමයෙකුට සිය මෝටර් රථය පැදවීමට ලබා දී පුහුණු කිරීමට යාමේදී, එම රථයටම යටවීමෙන් 86 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් මාවනැල්ල ප්‍රදේශයෙන් වාර්තා වේ. පොලිසිය සඳහන් කළේ සිකුරාදා රාත්‍රියේ මාවනැල්ල – අලුත්නුවර මාර්ගයේ අලුපොත ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති බවයි.

මූලික පොලිස් විමර්ශනවලට අනුව අනාවරණය වී ඇත්තේ, මියගිය පුද්ගලයා විසින්ම රථය පදවාගෙන විත් සිය නිවස අසලින් නතර කර ඇති බවයි. ඉන් අනතුරුව රථය පැදවීම පුහුණු කිරීමේ අරමුණින් ඔහු විසින් එහි පාලනය අදාළ ළමයා වෙත ලබා දී තිබේ. එම අවස්ථාවේදී මෝටර් රථයේ හිමිකරු මාර්ගයේ අනෙක් පසට ගමන් කිරීම සඳහා රථය ඉදිරිපසින් ගමන් කරමින් සිට ඇත.

එලෙස ඔහු රථය ඉදිරිපසින් හරහා ගමන් කරමින් සිටියදී, නවතා තිබූ මෝටර් රථය එකවරම ඉදිරියට ධාවනය වී ඔහුව අනතුරට ලක් කර තිබේ. බරපතළ තුවාල ලැබූ මෙම වයෝවෘද්ධ පුද්ගලයා වහාම මාවනැල්ල රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණද, පසුව ඔහු එහිදී මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ මාවනැල්ල ප්‍රදේශයේම පදිංචිව සිටි 86 හැවිරිදි පුද්ගලයෙකි. අනතුර සිදුවන අවස්ථාවේදී රියදුරු අසුනේ සිටි 15 හැවිරිදි පිරිමි ළමයා පොලිස් භාරයට ගෙන ඇති අතර, ශ්‍රී ලංකා පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරමින් පවතී.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *