Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

රාජිතට, හකීම්ට හා කබීර්ට එරෙහිව පැමිණිලි

රාජිතට, හකීම්ට හා කබීර්ට එරෙහිව පැමිණිලි

රවුෆ් හකීම්, කබිර් හෂීම් සහ රාජිත සේනාරත්න යන අමාත්‍යවරුන්ට එරෙහිව අද(14) පැමිණිලි කිහිපයක් ගොනු කෙරිණි.

පෞද්ගලික නාලිකා දෙකකට හොඳ පාඩමක් උගන්වන බව පවසමින් අමාත්‍ය රවුෆ් හකීම් ඊයේ සිදුකළ අනතුරු ඇඟවීම සම්බන්ධයෙන් සත්‍ය ගවේෂකයෝ සංවිධානය සහ සිංහලේ අපි සංවිධානය අද පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් සිදු කළ අතර සති අග ජාතික පුවත්පතක ජ්‍යෝතිෂ්‍ය අතිරේකයක් සඳහා එක් අපේක්ෂකයකුට අවාසි වන අයුරින් තම ලිපියක් අනුමැතියකින් තොරව යොදාගැනීම සම්බන්ධයෙන් අමාත්‍ය කබීර් හෂිම්ට විරුද්ධව ජෝතිර්වේදියකු ද පොලිස් මුලස්ථානය වෙත පැමිණිල්ලක් සිදු කළේය.

මේ අතර අමාත්‍ය රාජිත සේනාරත්නගේ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වූ සුදුවෑන් රථයක් පැදවූ බව කියන රියදුරා සම්බන්ධ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදීම පැහැර හැරීම සම්බන්ධයෙන් අමාත්‍යවරයාට එරෙහිව අද නීතිඥයින් පිරිසක් කොටුව මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ පැමිණිල්ලක් ගොනුකළේය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *