ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශණය

ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය download කරගන්න පිවිසෙන්න.

රට නගන පෙර දැක්ම
ගෞරවණීය ස්වාමීන්වහන්ස, ගෞරවණීය පූජකතුමනි, සියලූ
දෙමව්පියනි,  දරුවනි, හිත මිතුරනි,

කොළඹ ආනන්ද මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන අවධියේ
සිට ම මාගේ කැමැත්ත වූයේ ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳී
මව්රට වෙනුවෙන් සේවය කිරීමට ය. දේශපාලන පවුලක
උපත ලද සාමාජිකයෙකු වුවත්, ජනාධිපතිවරයෙකු වීමට තබා
දේශපාලනඥයෙකු වීමටවත් කිසිදු විටෙක වුවමනාවක් මා තුළ
තිබුණේ නැත. මාගේ වැඩිමල් සහෝදරයන් වූ චමල් රාජපක්ෂ සහ
මහින්ද රාජපක්ෂ මෙන් ම, බාල සහෝදරයා වන බැසිල් රාජපක්ෂ
ද දිගු කලෙක සිට මෙරට සක‍්‍රීය දේශපාලනයේ යෙදී සිටින්නන් ය.
2005 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙරට
ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු, එතුමා මගෙන් ඉල්ලා සිටියේ
ආරක්ෂක ලේකම් ධූරය භාර ගන්නා ලෙස ය. ඒ වන විට අප
මාතෘභූමිය බෙදී වෙන් ව යාමේ කඩඉම කරා පැමිණ තිබුණි. එම
ඉරණමෙන් රට ගලවා ගැනීමට මා තුළ වූ බලවත් වුවමනාව නිසා
මට ජනාධිපතිතුමාගේ ඉල්ලීමට එකඟ වීමට සිදු විය. එමඟින්,
රටට ස්ථිරසාර සාමය රැුගෙන ඒමට හැකි විය. අනතුරුව උදා
වූ සමයේ දී රට නාගරික සංවර්ධනයේ නව මාවතකට අවතීර්ණ
කරවීමටත් මට අවස්ථාව උදා විය. මෙහි ලා මට පැවසීමට අවශ්‍ය
ව ඇත්තේ දේශපාලනඥයෙකු වීමේ හෝ ජනාධිපති ධුරය හිමිකර
ගැනීමේ අරමුණු සහිත ගමනක මා නොපැමිණි බව ය.

2015 ජනාධිපතිවරණයෙන් පසුව ද මා තුළ එවැනි උනන්දුවක්
තිබුණේ නැත. එහෙත් වත්මන් ආණ්ඩුව මහින්ද රාජපක්ෂ
මැතිතුමාට නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට
නීතිමය බාධා පැමිණවීම නිසා රට අඳුරට ඇදගෙන යන මේ
භයංකර ගමන ගැන බියට පත් වූ බහුතර ජනතාව 2019
ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ලෙස මා පත් කර ගන්නා මෙන්
ඉල්ලා සිටියහ. ස්වාමීන්වහන්සේලා, අන්‍යාගමික පූජකතුමන්ලා,
සිය ගණනක් සිවිල් සංවිධාන සමඟ සියලූ ශ්‍රී ලාංකික ජනතාව
ඔවුන්ගේ අපේක්ෂකයා ලෙස මා පත් කිරීමට මහින්ද රාජපක්ෂ
මැතිතුමාගෙන් එක හඬින් ඉල්ලා සිටියහ. එම ඉල්ලීමට සවන්
දෙමින් මහින්ද රාජපක්ෂ මැතිතුමා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ,
ඒකාබද්ධ විපක්ෂයේ ද වෙනත් දේශපාලන පක්ෂ හා දේශපාලන
බලවේග රැුසකගේ ද තීරණය මත මා ඔබේ ජනාධිපතිවරණ
අපේක්ෂකයා ලෙස පත් කරනු ලැබුවේය. ඒ පිළිබ`දව පළමු ව ඔබ
සැමට මම මාගේ ගෞරවය හා ආදරය පුද කරමි.
2019 ජනාධිපතිවරණයේ දී ඔබ මට පවරන්නේ බරපතළ
අභියෝගාත්මක වගකීමකි.
මාගේ මුල් වගකීම වනුයේ යළිත් බරපතළ ත‍්‍රස්තවාදී උවදුරකට
මුහුණ දී ඇති අපගේ මාතෘභූමිය ඉන් මුදවාගෙන කිසිදු අන්තවාදී
ත‍්‍රස්තවාදයකට හිස එසවීමට ඉඩ නොලැබෙන පරිදි ජාතික
ආරක්ෂාව සහතික කිරීම ය. එහිදී සිංහල, දෙමළ හා මුස්ලිම් ආදී
සෑම ජන කොට්ඨාසයකට ම එකම රටක් එකම නීතියක් යටතේ
සමඟි සම්පන්නව, ගෞරවණීය කොටස්කරුවන් ලෙස ජීවත්වීමට
ඉඩ සැලසිය යුතු ය. එමෙන් ම නීතියේ ආධිපත්‍යය වචනයේ
පරිසමාප්ත අර්ථයෙන් ම අප විසින් බල ගැන්විය යුතුව ඇත.
සියලූ රටවැසියන් නීතිය හමුවේ සමානයන් විය යුතු ය. අන් සියලූ
දේට වඩා ඔබ මා වෙතින් අපේක්ෂා කරනුයේ එය බව මට පසක්
වී ඇත. ජාතික ආරක්ෂාව සහතික කළ පසු රටක ආර්ථිකය
පුබුදුවාලීම අසීරු අභියෝගයක් නොවේ.
දෙවනුව අපගේ රමණීය දිවයිනේ ජීවත්වන සියලූ තරුණ ¥ පුතුන්
හට ගෞරවණීය ලෙස ජීවත් විය හැකිවන පරිදි ශක්තිමත් තිරසර
ආර්ථිකයක් බිහි කළ යුතු ය. සැමට තමන්ගේ දක්ෂතාවයෙන්
උපරිම ඵල නෙළාගන්නට හැකි වන රැුකියාවක් තිබිය යුතු ය.
අපගේ වගකීම තෘප්තිමත් රටවැසියෙක්, සතුටින් ජීවත්වන පවුලක්
”ඔබ ඔබේ යුතුකම ඉටුකරන්න,
මම මගේ යුතුකම ඉටුකර
සුරක්ෂිත රටක් සහ
සෞභාග්‍යමත් දේශයක්
ගොඩනගන්නෙමි.”
සහ ගුණගරුක සමාජයක් බිහි කිරීම ය. ලොවපුරා සිදුවෙමින්
පවතින පාරිසරික විනාශයේ ප‍්‍රතිවිපාක ලෙස නියඟයෙන් හා
ගංවතුරෙන් එකවිට බැට කන ජාතියක් බවට අප පත් වී ඇති
බැවින් මේ සුන්දර දිවයින යළිත් හරිත වර්ණයෙන් බබළන
අනාගත ලෝකයේ තිරසර සංවර්ධනයේ පරමාදර්ශය බවට පත්
කිරීමේ වගකීම ද අපට පැවරී තිබේ. මේ භූමිය මත සාමය නැමති
බීජය යළි පැළ නොවනු ඇතැයි සිතූ යුගයක අපි ඒ සාමය නැමති
පැළය මේ භූමිය මත රෝපණය කළෙමු. එපරිද්දෙන් ම
සෞභාග්‍යවත්, සුන්දර ශ්‍රී ලංකාවක් අප මේ ලක් භූමිය තුළ යළි
රෝපණය කර ඔබට පිරිනමන්නෙමු.
අපට අවශ්‍ය ව ඇත්තේ රටේ ඉදිරි ගමන ස`දහා අවශ්‍ය නිවැරදි
දැක්මක් හා අභීත නායකත්වයකි. රට හමුවේ ඇති අභියෝග
ජය ගැනීමේ  වගකීම මා වෙත පැවරීම ගැන ඔබ සැමට
ස්තූතිවන්ත වෙමි. ඔබගේ අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම ස`දහා
කීර්තිමත් රාජ්‍ය නායකයකු වන මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ
සමීප දායකත්වය ද අප ලද ඉමහත් භාග්‍යයකි. ඔබගේ
ප‍්‍රාර්ථනාවන් ඉටු කිරීම ස`දහා මම මාගේ උපරිමයෙන් කටයුතු
කරන්නට සහතික වෙමි. ඔබ සැම ඉල්ලා සිටින සෞභාග්‍යවත් ශ්‍රී
ලංකාව නිර්මාණය කිරීමට අපට හැකයාව ඇති බව මා දැඩි ලෙස
විශ්වාස කරමි.
එම නිසා ඔබ ඉල්ලන රට බිහි කිරීමට මා සම`ග අත්වැල් බැ`ද
ගන්නා ලෙස ඉල්ලා සිටිමි.
මාතෘ භූමියට ජයවේවා !!!
ඔබ සැමට තෙරුවන් සරණයි !!!
මෙයට,
ඔබේ සේවයට කැප වූ
ගෝඨාභය රාජපක්‍ෂ

ප්‍රතිපත්ති ප්‍රකාශනය

සිංහලෙන් කියවීමට සහ භාගත කරගැනීමට

Book Sinhala_Inner A4_Online Version_New Cover_Ver 2

Sinhala:
English:
Tamil:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *