සාදු! සාදු! සෑ රජුන් සුවසේ වැඩ වෙසෙති. සජිත් මැණික් අරගෙන නැහැ. video

මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති රුවන්වැලි මහා සෑ ප්‍රතිසංස්කරණය පිලිබඳ ජනතාව අතර සැකසහිත බවක් ඇතිකළ, “ජාතික උරුමයන් සුරකීමේ මහා සම්මේලනය” සිදුකළ මාධ්‍ය නිවේදනය යළි නිවැරදි කිරීමට එම සම්මේලනය වෙනුවෙන් හිටපු විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිනිය වන මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය කටයුතු කර තිබෙනවා.

ඇය සඳහන් කල කරුණු සැකෙවින්….

ඔක්තෝම්බර් 17 බ්‍රහස්පතින්දා ජාතික උරුමයන් සුරකීමේ මහා සම්මේලනයෙන් අපි නිවේදනයක් නිකුත් කරා රුවන්වැලි සෑයේ සිදු කරන කටයුත්ත සම්බන්ධව. එහි නිවැරදි කිරීමක් සත්‍ය කරුණු හෙළි කිරීමක් තමයි අපි මේ කරන්න බලාපොරොත්තු වෙන්නේ. එම මාධ්‍ය හමුව අවසන් කර කාර්යාලයට ගිය පසු මට රුවන්වැලි සෑයේ ස්වාමින්වහන්සේ කතා කළා.

කතා කරලා විමසුවා ඇයි ඔබ තුමියන්ලා මාධ්‍ය හමුවට කළින් මාව මුණගැහිලා සාකච්චා කලේ නැත්තේ කියලා. ඒක අප (මඟ හැරීමක් ලෙස) පිළිගන්නවා.

ඉන්පසු මම ඒ ගැන කරුණු සොයන්නට පටන් ගත්තා. මම දන්නා හඳුනන ජය ශ්‍රී මහා බෝධි විහාරයේ වැඩවසන ස්වාමින්වහන්සේ නමක් සමඟ කතා කළා. උන්වහන්සේ මට පැයක් පමණ කරුණු තේරුම් කරලා දුන්නා. අපට මෙතන තිබුණ සැකය ස්කෑෆෝල්ඩින් වල බර නිසා සෑයට හානියක් වෙයි ද කියන එක. ස්වාමින්වහන්සේ මට කරුණු නිවරැදි කරලා දුන්නා.

ඊට පස්සේ අපි බැලුවා මේක කරන්නේ මොන ආයතනයෙන් ද කියලා. ඒ තමයි විශ්ව පාරමී පදනම.

මම විශ්ව පාරමී සංවිධානයෙන් විස්තර ඉල්ලුවා. මට දවස් දෙකක් ඇතුළත සියළුම විස්තර ඒ අය ලබා දුන්නා. ඊට පස්සේ මම බාර ගත්තා නිවැරදි කිරීමක් කළ යුතු යි කියලා.

මම හොයා බලද්දී මට දැනගන්න ලැබුණා, බුද්ධ ගයාව ප්‍රතිසංස්කරණය කරලා අද වෙනකන් සුරකින්නේ විශ්ව පාරමී පදනම. ඒ වගේම මහා මළුවේ බෝධීන් වහන්සේගේ රන් වැටේ රන් ආලේප කිරීම සිදු කර තියෙන්නේ මේ ආයතනයෙන්. ඒ වාගේම එතුමා ඉතා හොඳ බෞද්ධයෙක්.

කෙසේ වෙතත් මේ වනවිටත් බොහෝ දෙනෙක් මෙම සද්කාර්ය පිලිබඳ අපහදීමෙන් සිටින අතර එළඹෙන 27 වන ඉරුදින මීට විරුද්ධව මහා සෑයට පිරිස රැස් කිරීමට ද සමාජ ජලා ඔස්සේ පිරිස් කටයුතු කරනු දක්නට ලැබේ.

Leave a Reply

Your email address will not be published.