සජිත්ගේ රැළිවලට රනිල් නැහැ

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ජනරැලි සඳහා එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහභාගි නොකරවීමට එම පාර්ශවය විසින් තීරණය කර ඇතැයි වාර්තා වේ.

මෙම යෝජනාව කර ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා කළ යුතු බවට ප‍්‍රබලය පෙනී සිටි කැබිනට් ඇමතිවරයෙකු විසිනි.

එසේ වුවද එම පාර්ශ්වයේ ඇතැම් පිරිස් පෙන්වාදී ඇත්තේ වික‍්‍රමසිංහ මහතා ප්‍රධාන ජන රැලි සඳහා හෝ සහභාගි කර ගත යුතු බවය.

අගමැතිවරයා උතුර හා නැගෙනහිර ජනරැලිවලට පමණක් සහභාගි කර ගත යුතු බවට සජිිත් පේ‍්‍රමදාස මහතාගේ මතය වී ඇත.

කෙසේ වෙතත් ගාළු මුවදොර පැවති ආරම්භක රැළිය හැර වෙනත් කිසිදු ජනාධිපතිවරණ ජනරැළියකට අගමැතිවරයා මෙතෙක් සහභාගී වී නැත.

lankacnews

Leave a Reply

Your email address will not be published. Required fields are marked *