තැපැල් ඡන්ද දායකයින් දැනුවත් වියයුතු කරුණු

ඉදිරි ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 80ත් – 85ක් අතර වනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

අද (16) පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාව කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඇතැම්විට මෙවර ජනාධිපතිවරණයේ වියදම රුපියල් කෝටි 700 ක් දක්වා ඉහළ යනු ඇති බවයි.

එමෙන්ම වලංගු හැදුම්පතක් තිබිය යුතු බවත් තාවකාලික හැදුනුම්පත් ලබාදීම නොවැම්බර් මස 9 වන දින වන විට අවසන් කරන බවද ඒ මහතා පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා සදහන් කළේ ඡන්ද මධ්‍යස්ථාන තුළ ජංගම දුරකතන භාවිත කිරීම නීතිවිරෝධී ක්‍රියාවක් බවත් ඡන්ද මධ්‍යස්ථාන තුළ දේශපාලනය කතා කිරීමද තහනම් බවයි.

මෙවර ජනාධිපතිවරණය සඳහා ඡන්දය භාවිත කිරීමට තැපැල් ඡන්ද දායකයින් හය ලක්ෂ 59,514 ‍දෙනෙකු සුදුසුකම් ලබා ඇති බව මැතිවරණ කොමිශන් සභාව පවසයි.

ජනාධිපතිවරණය සඳහා රාජ්‍ය සේවකයින් 717,918දෙනෙකු තැපැල් මගින් ඡන්දය භාවිත කිරීම සඳහා අයදුම්පත් යොමු කර තිබේ.

ඉන් අයදුම්පත් 58,404 ක් ප්‍රතික්ෂේප වී ඇති බව මැතිවරණ කොමිශන් සභාව සඳහන් කළේය.

කෙසේ වෙතත් ප්‍රතික්ෂේප වූ අයදුම්පත් හිමි ඡන්ද දායකයින්ට ජනාධිපතිවරණය දිනයේදී ඡන්දය භාවිත කිරීමේ හැකියාව පවතින බව ද කොමිසම සදහන් කළේය.

මේ අතර තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත මළු අනිද්දා දිනයේ රාජ්‍ය ආයතන වෙත භාර දීමට නියමිත බව මැතිවරණ කොමිශන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේය.

රාජ්‍ය සේවකයින් සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීම ඔක්තෝබර්මස 31 වන දින සහ නොවැම්බර් මස පළමුවන දින සහ නොවැම්බර් මස 4 වන දින සිදු කිරීමට නියමිතයි.

මෙම දිනවල තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වන නිලධාරීන් සදහා නොවැම්බර් මස 7 වන දින තමාගේ කාර්යාලය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල තැපැල් ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව සලසා දීඇති බව ද කොමිශන් සභාව වැඩිදුරටත් සදහන් කළේය.

derana

Leave a Reply

Your email address will not be published. Required fields are marked *