දේශපාලන සංස්කෘතිය යහපත් කළ යුතු බව ගෝඨා කියයි

සෞභාග්‍යමත් සහ ආරක්ෂිත රටක් නිර්මාණය කිරීමට තමන් සහතික වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

කඩවත පැවැති ජනරැලියකට එක්වෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.

“සාර්ථක දැක්මක් – වැඩකරන රටක්” තේමාවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සංවිධාන කළ ජන රැලියක් එහි ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කඩවත බස් නැවතුම්පොළේදී පැවැත්වුණි.

ගෝඨාභය රාජපක්ෂ මහතා රැලියට පැමිණෙන අවස්ථාවේදී පැමිණ සිටි පිරිසගෙන් උණුසුම් පිළිගැනීමක් හිමිවිය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්විමන් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ දේශපාලන සංස්කෘතිය යහපත් කළ යුතු බවයි.

එසේම විරුද්ධවාදීන්ගේ කුමන්ත්‍රණවලට ගොදුරු වී අශෝබන ලෙස හැසිරීමට තමන්ට හැකියාවක් නැති බවත් අද භුක්ති විදින ජනතා හිතවාදී ප්‍රතිපත්ති රටට හඳුන්වා දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ස්තුතිවන්ත වන බවත් ඒ මහතා පැවසීය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *