සජිත්ගේ බිරිඳගේ සායම සමන්තභද්‍ර හිමි දියකර හරියි.. (වීඩියෝ සහිතයි)

මිනිස්සු මෛත්‍රීගේ ගුණ කියන දවසක් එනවා. ඒ කවදාක හරි මේ රටේ සජිත් ජනාධිපති වෙච්ච දවසක. මෛත්‍රී මහත්තයාටත් වඩා ගුණ කියනවා මෛත්‍රී මහත්තයාගේ නෝනා ට සජිත්ගේ නෝනාගේ කෝලං දැකලා. රටේ මුල් පුරවැසියාගේ බිරිඳ නටන්න ඕනි නැහැ, ඉස්සරහට ඇවිල්ලා. මෛත්‍රී මහත්තයාගේ නෝනා ඉතාම හොඳ කෙනෙක්. කිසි දෙයක් ඔලුවට ගන්නේ නැතිව ඉන්නවා. නමුත් බලන්න අර සජිත් මහත්තයාගේ නෝනා නටන නාඩගම්. මිනිස්සු ඒවාට කැමති නැහැ.

බෙල්ලන්තර ආශ්‍රමවාසී පිටිදූවේ සිරිධම්ම (සමන්තභද්‍ර) හිමියන් මෙම අදහස් පළකරන්නේ පසුගිය දිනෙක මාධ්‍යවේදී හරේන්ද්‍ර ජයලාල් මහතා සමඟ you tube ඔස්සේ පලකළ සාකච්චාවක දී ය.
උන්වහන්සේ එහී දී තමන්වහන්සේගේ මතය මෙවර ජනාධිපතිවරණයේ දී ගොඨාභය ජනාධිපති වියයුතු බවද වැඩි දුරටත් පවසයිි. ඊට හේතු වශයෙන් උන්වහන්සේ සඳහන් කරන්නේ රටක නීතියක් නැතිව රටේ ආර්ථික සංවර්ධනයක් ඇති කළ නොහැකි බවයි. උදාහරණ වශයෙන් තමන් වහන්සේ වැඩ වසන ආශ්‍රමය ඉතා පිළිවෙලට පවතින්නේ දැඩි නීති රාමුවක් යටතේ ආයතනය පාළනය වනනිසා බව ද පෙන්වා දෙයි.

කෙසේවෙතත් උන්වහන්සේ පැවසූ කරනු පිලිබඳ අදහස් පළකරන පිරිස, උන්වහන්සේගේ දේශපාලන අදහස් සහ උන්වහස්සේ  හඳුන්වා දෙන අරහත්වය අතර ඇති දැඩි පරස්පරතාව විවේචනයට ලක්කරනු දක්නට ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *