මැතිවරණ පොරොන්දු ඉටු නොකළ නගරාධිපතිට ජනතාව දුන් දඬුවම (වීඩියෝ සහිතයි)

මාර්ග පිළිසකර කර දෙන බවට වූ මැතිවරණ පොරොන්දුවක් ඉටු නොකළ දකුණු මෙක්සිකෝවේ නගරාධිපතිවරයකුට එම ප්‍රදේශයේ ගොවීන් පිරිසක් දුන් අපූරු දඬුවමක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. මෙක්සිකෝවේ චියාපාස් පාන්තයේ ලාස්මාගරිටාස් නගරාධිපති ජෝර්ජ් ලුයිස් එස්කැන්ඩන් හෙරන්ඩස් එම ප්‍රදේශයේ ගොවීන් පිරිසක් විසින් පික්අප් වර්ගයේ වාහනයක ගැටගසා මාර්ගය දිගේ ඇදගෙන යන අයුරු දැක්වෙන වීඩියෝ පටය අන්තර්ජාලයට එක්ව තිබිණි.

සිදුවීමෙන් නගරාධිපතිවරයා සුළු තුවාල ලබා ඇති අතර බිම දිගේ ඇදගෙන යන නගරාධිපතිවරයා බේරාගැනීමට පොලිස් භටයන් විශාල පිරිසක් යෙදවීමට සිදුව ඇත. පොලිසිය සමගද මේ පිරිස ගැටීම හේතුවෙන් පැහැරගත් පිරිසේ කිහිපදෙනකුටද තුවාල සිදුවිය. මීට පෙර වතාවකදීද නගරාධිපතිවරයා ගොවීන්ට දුන් පොරාන්දුවක් ඉටු නොකිරීම හේතුවෙන් ඔහුට දඬුවම් විඳීමට සිදුව ඇත. සිදුවීම සම්බන්ධයෙන් 11 දෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published.