බොරු කියූ රාජිතට ජවිපෙන් කණේ පහරක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ අධිකරණයට යාමේ සූදානමක් ඇතැයි අමාත්‍ය රාජිත සේනාරත්න කළ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් බව ජනතා විමුක්ති පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම ප්‍රකාශය තරයේ හෙළා දකින ජනතා විමුක්ති පෙරමුණ සදහන් කරනුයේ මෙවැනි බොරු මවාපෑම්වලින් මැතිවරණ ව්‍යාපාරය පවත්වාගෙන නොයන බවත් ගෝඨාභය හෝ වෙනත් ඕනෑම අපේක්ෂකයෙක් මහජන ඡන්දයෙන් පරාජය කිරීමට කටයුතු කරන බවත්ය. ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය වටා ඡන්දදායකයන් එකතුවීම දරාගත නොහැකි පරාජිත මානසිකත්වයෙන් පෙළෙන රාජිත වැනි තව බොහෝ පිරිස් ඉදිරියේදීත් මෙවැනි බොරු ප්‍රචාර කරමින් ජනතාව නොමග යැවීමට උත්සාහ කරන බව පැහැදිලි බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *