සමාජ මාධ්‍ය වෙබ් අඩවි තුල මූලාශ්‍ර නොමැති පුවත් හා ප්‍රචාර පිළිගැනීමෙන් හා බෙදාහැරීමෙන් වලකින්නැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය වැඩි දුරටත් මෙසේ පවසයි.
ජනාධිපතිවරණයත් සමගම මේ වනවිට සමාජ මාධ්‍ය වෙබ් අඩවි හා යෙදවුම් ඔස්සේ අසත්‍ය ප්‍රචාර හුවමාරු වීමේ වර්ධනයක් ශ්‍රී ලංකා තොරතරු තාක්ෂණ සංගමය වන අප වෙත නිරීක්ෂණයවී තිබේ. විශේෂයෙන්ම මුලාශ්‍ර නොමැති පුවත් ෆේස්බුක් වට්සැප් වැනි සමාජ මාධ්‍ය වෙබ් අඩවි හා යෙදවුම් භාවිතා කරන පරිශීලකයන් අතර ඉතා වේගයෙන් පැතිරී යාමක් දැකගත හැකිය.
මේ හේතුවෙන් සමාජ මාධ්‍ය වෙබ් අඩවි වල පළවන සහ හුවමාරු වන පුවත් හා ප්‍රචාරයන් මුලාශ්‍ර සදහන් වීමක් නොමැති නම් ඒවා පිළිගැනීමට යාමෙන් වලකින ලෙස අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ශ්‍රී ලාංකික සමාජ මාධ්‍ය පරිශීලකයන්ට අවධාරණය කරන්නෙමු.