Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

රනිල්ගේ සහෝදරයාත් ගෝඨාගේ හොද කියයි

රනිල්ගේ සහෝදරයාත් ගෝඨාගේ හොද කියයි

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනතාව විශ්වාස කළ යුත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා තරග වදින උපන් බිම රකින කදවුරද, එසේ නොවන්නේ නම් තම සාක්කුව දෙස බලා උපන් බිමට හතුරු වූ රාජ්‍ය නොවන සංවිධාන මූලික කරගත් සජිත් ප්‍රේමදාස මහතාගේ කඳවුරදැයි තීරණය කළ යුතු බව ටී.එන්.එල්. රූපවාහිනිය සිය ප්‍රවෘත්ති විකාශය අතරතුර වැඩසටහනකදී විකාශය කළේය.

බලයට පත් කිසිදු රාජ්‍ය නායකයෙකුට අවසන් කිරීමට නොහැකි වූ තිස් වසරක සාප කාරී යුද්ධය මහින්ද රාජපක්ෂ රජය අවසන් කළ බව කෘතගුණ දත් කිසිදු ශ්‍රී ලාංකිකයෙකු අමතක නොකරන බවද එහි සඳහන් කළේය.

මෙරට යුද බිය දුරු කළ එකී පාලනයේ ආරක්ෂාව භාරව සිටි ප්‍රබල චරිතය අන් කිසිවකු නොව රණකාමී වීරවරයෙක් වන ගෝඨාභය රාජපක්ෂ බවද නාලිකාව කියා සිටියේය.

පුරවැසිකම ප්‍රශ්නයක් කරගෙන චන්ද්‍රගුප්ත තේනුවර හා ගාමිණී වියන්ගොඩ උසාවි ගොස් ඇත්තේ එවන් උදාරතර රණකාමී ගොඩ විරුද්ධ වුවද එහි කියා සිටියේ රූපවාහිනිය අයත් වන රනිල් වික්‍රමසිංහ ගෝටාභය රාජපක්‍ෂට විරුද්දව යයිද එහි තව දුරටත් කියැවිනි.

ටීඑන්එල් නාලිකාව අයත් වන්නේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සහෝදරයා වන ශාන් වික්‍රමසිංහ මහතාටයි.

(Image – daily mirror)

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *