25 හැවිරිදි කාන්තාවකගේ සැක සහිත මරණයක් ගැන පරීක්ෂණ…

ඇලපාත, කිරිඇල්ල ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි කාන්තාවක් ඊයේ (27) පස්වරුවේ සැකකටයුතු ලෙස මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇලපාත පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

කිරිඇල්ල ප්‍රදේශයේ ඇළක් ආසන්නයේ මෙම කාන්තාව මියගොස් සිටියදී සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ. මියගොස් ඇත්තේ නිරිඇල්ල ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙක්.

එදිනම අතුරුදන්ව ඇති බවට එම කාන්තාවගේ මව විසින් කරන ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනවලින් අනතුරුවයි පොලිසිය මෙම මළ සිරුර සොයාගෙන ඇත්තේ.

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රත්නපුර රෝහලේ තැන්පත් කර ඇති අතර ඇලපාත පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *